ශ්‍රී ලංකන් හිටපු ලොක්කා සහ බිරිඳ රහස් පොලිස් අත්අඩංගුවේ - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 5, 2020

ශ්‍රී ලංකන් හිටපු ලොක්කා සහ බිරිඳ රහස් පොලිස් අත්අඩංගුවේ

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී තිබේ.

භාරවීමෙන් පසු ඔවුන් දෙදෙනා රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයට නව ගුවන් යානා මිලදී ගැනීමේදී 2013 වසරේ සිදුවු බව කියන අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් මුල්‍ය විශුද්ධිකරණ චෝදනා එල්ල කරමින් මොවුන් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් නියෝග නිකුත් කර තිබිණි.

ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ හතේ පිහිටි ඔහුගේ නිවසට ගිය අවස්ථාවේ එහි ඔවුන් සිටියේ නැති බව රහස් පොලිසිය විසින් කරුණු වාර්තා කර තිබිණි.


No comments:

Post a Comment

Post Bottom Ad