සහරාන්ගේ දෙවන ප්‍රහාරය වැළකූ - නිදහස් පෙළපාළියට අණදුන් මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, February 3, 2020

සහරාන්ගේ දෙවන ප්‍රහාරය වැළකූ - නිදහස් පෙළපාළියට අණදුන් මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ

කොළඹ 07 නිදහස් චතුශ්‍රරයේදී අද (04 වැනිදා) පෙරවරුවේ පැවැත්වුන 72 වැනි නිදහස් සමරු උළෙලේ ත්‍රිවිධ හමුදා උත්තමාචාර පෙළපාළියට අණ දෙනු ලබන්නේ ශ්‍රී ලකා යුද හමුදාවේ බටහිර ආරක්ෂක සේනා ආඥාපති හා පාබළ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ මහතා විසිනුයි.

උත්තමාචාර පෙළපාළියට ත්‍රිවිධ හමුදාව, පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීහු ඇතුළු දෙසිය හැත්තෑ දෙනෙක් හා සෙසු නිලයන් පන්සිය පනස් දෙනෙක් සහභාගි වනවා.

සහරාන් ඇතුළු අන්තවාදීන් පාස්කු දින ප්‍රහාරයෙන් පසු අම්පාර සයින්දමරුදු හි දෙවැනි ප්‍රහාරයට සැරසී සිටි අවස්ථාවේදී එම පිරිස මැඬලීමටද නායකත්වය දුන්නේ එකල අම්පාර 24 වැනි සේනාංකාධිපති වූ මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේයි.

ඔහු තිස්පස් වසරක හමුදා සේවයකින් පසු මාර්තු 9දා විශ්‍රාම ලැබීම නියමිතයි.

No comments:

Post a Comment

Post Bottom Ad