රට පුරා ඉන්ධන බෙදාහැරීම නතර කරනවා - IOC බෙදුම්කරුවන්ගේ සංගමය - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 5, 2020

රට පුරා ඉන්ධන බෙදාහැරීම නතර කරනවා - IOC බෙදුම්කරුවන්ගේ සංගමය

න්ධන අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමට පාරිභෝගික අධිකාරිය කටයුතු නොකළොත් රට පුරා ඉන්ධන බෙදාහැරීම නතර කිරීම දක්වා වූ ක්‍රියාමාර්ග තමන් ගන්නා බව ලංකා IOC බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ සභාපති කෝසල විදානාරච්චි ප්‍රකාශ කළේ, ඉන්ධන අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීම ජනාධිපතිගේ, අගමැතිගේ හෝ ආණ්ඩුවේ ක්‍රියාවලියක් නොවන අතර එහි බලය පවතින්නේ පාරිභෝගික අධිකාරියට බවත්, මේ පිළිබඳ මීට පෙර කිහිපවතාවක්ම අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා කළ බවත් එම සංගමය කියයි.

මීට පෙර ‘ලාෆ්’, ‘ලිට්රෝ’ ගෑස් එකම මිලට නියාමනය කර අත්‍යවශ්‍ය සේවාවක් කළ නිසා එය සාර්ථක වූ අතර ඉන්ධන යනු ඊටත් වඩා අත්‍යවශ්‍ය සේවාවක් බව බලධාරීන් අමතක නොකළ යුතු බවද ඔහු අවධාරණය කළේය.

එම නිසා මුදල් අමාත්‍යාංශයේ හෝ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ට අවශ්‍ය ලෙස විවිධ තීන්දු ගැනීම නවත්වා මේ හරහා සිදුවන ඉන්ධන මාෆියාවට සම්බන්ධ නිලධාරි මණ්ඩලය පිළිබඳව ප්‍රශ්නය කෙරේද බලධාරීන් අවධානය යොමු කළ යුතු බවත්, මීට අදාළව ඊයේ (5දා) ජනාධිපති සහකාර ලේකම්වරයාට ලිපියක් භාරදුන් බවත් හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

අනුරාධා හේරත්
මව්බිම


No comments:

Post a Comment

Post Bottom Ad