මහනුවර කටුගස්තොට ප්‍රදේශයේදී අවුරුදු 10ක් වයසැති ළමයෙකු පැහැර ගෙන යාමට තැත් කළ විදේශීය ජාතිකයින් සිව්දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කටුගස්තොට, මැණික්කුඹුර ප්‍රදේශයේ පිහිටි සතිපොළක් ආසන්නයේදී මෙම සිදුවිම අද පස්වරුවේ සිදුව තිබෙනවා.
මෙම කුඩා දරුවා ඔහුගේ බාප්පා සමග සතිපොලට පැමිණ තිබෙනවා. එහිදී එකවර පැමිණි වෑන් රථයක සිටි පිරිසක් මෙම දරුවා පැහැර ගැනීමට උත්සහ දරා ඇත.
එම අවස්ථාවේදී දරුවාගේ බාප්පා එම පිරිස සමග පොර බැද ඔහු බේරා ගෙන ඇති අතර පසුව කටුගස්තොට පොලිසියට පැමිණ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කර තිබෙනවා.
මෙම පැහැර ගැනීමට පැමිණි පිරිස රැගත් වෑන් රථයේ අංකය පොලිසියට ලැබීමෙන් පසු ඒ ඔස්සේ සිදුකළ විමර්ශනයකින් අදාල පිරිස අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.
මෙම වෑන් රථයේ සිට ඇත්තේ බංග්ලාදේශ ජාතිකයින් සිව්දෙනෙක් වන අතර ඔවුන් ගෙන් මේ වන විට පොලිසිය ප්‍රශ්න කරමින් සිටියි.
Sunday, March 8, 2020
වෑන් රථයකින් පැමිණ දරුවෙක් පැහැර ගැනීමට තැත් කළ විදේශිකයින් පිරිසක් අත්අඩංගුවට
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment