19 වන ව්‍යවස්ථා සංශෝධනය තුළින් ජනාධිපතිවරයා සතුව තිබූ බලතල ප්‍රමාණයක් අගමැතිවරයා යටතට හා ස්වාධීන කොමිෂන් සභාවෙත පැවරූ බවද එම පක්ෂයේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා සඳහන් කළේය.
මේ නිසා 19 වන ව්‍යවස්ථා සංශෝධනය නිසා වැඩ කිරීමට නොහැකි වී තිබෙන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කරමින් තිබෙන බවත් ඒ තුළින් පැහැදිලි වන්නේ අයියා සමග වැඩ කිරීමට නොහැකිද යන්න බවද මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
ආණ්ඩුවේ දින 100 වැඩ පිළිවෙල සේම උපාධිධාරීන්ට රැකියා ලබාදීම හා රැකියා ලක්ෂයේ වැඩ පිළිවෙල අසාර්ථක වී තිබෙන බවත් රැකියා ලක්ෂයේ වැඩපිළිවෙල් සම්මුඛ පරීක්ෂණ කටයුතු ජංජාලයක් බවට පත්ව තිබෙන බවද පවසා සිටියේය.
– ada
No comments:
Post a Comment