උතුරේ ආරක්ෂාව තර කරයි... ප්‍රභූ ඝාතනයට සැලැස්මක්.. නව බෝම්බත් හදලා - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, March 8, 2020

උතුරේ ආරක්ෂාව තර කරයි... ප්‍රභූ ඝාතනයට සැලැස්මක්.. නව බෝම්බත් හදලා

ඉන්දියාව සහ යුරෝපා රටවල සිට උතුරේ දෙමළ දේශපාලන නායකයකු ඇතුළු ප්‍රභූ ඝාතනයක් සඳහා සැලසුම් කළ අලුත්ම එල්ටීටීඊ ජාලය ගැන අනාවරණය කරගැනීමට විදෙස් රටවල සහායෙන් ජාත්‍යන්තර බුද්ධි මෙහෙයුමක් ඇරඹීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබෙනවා.

ජර්මනියේ පුරවැසි භාවය ලබා ප්‍රහාරයකට පැමිණි හිටපු කොටි ප්‍රබලයකු ඇතුළු හිටපු කොටි හයදෙනකු පුපුරන ද්‍රව්‍ය එක්රැස් කළ පුනරීන්හි ආරක්ෂිත නිවස්නයක්ද සොයාගත්තේ මාර්තු 03දායි.

යුද හමුදා බුද්ධි අංශය හා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මෙම ජාලය ගැන සොයා ගත්තා. එහිදී මෙතෙක් හමු නොවූ නව තාක්ෂණික උපකරණද සොයාගෙන තිබුණා.

සිව්වැනි ඊළාම් යුද්ධයෙන් පසුව එල්ටීටීඊය හිස ඔසවන්නට ගිය දසවැනි වතාව මෙය ලෙස විමර්ශනවලදී හඳුනාගෙන තිබෙනවා. වහාම උතුරු නැගෙනහිර ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය බ්‍රහස්පතින්දා සිට නියෝග කර තිබු බව සඳහන්.

ඉන්දියානු, මැලේසියානු රටවල සිටින කොටි ජාත්‍යන්තර නායකයන් හා කොටි හිතවාදීන් අරමුදල් සපයමින් අලුතින් හිස ඔසවන්නට සූදානම් කළ ප්‍රහාරක කණ්ඩායමට බෝම්බ වර්ග අලුතින් සැකසීමේ පුහුණුව ලබාදී තිබෙනවා.

ජර්මනියේ සිට පැමිණි ත්‍රස්තයා මඩකළපුවෙන් කොටු කරගෙන ඇති අතර, සෙසු කණ්ඩායම් උතුරෙන් අල්ලාගෙන තිබුණා.

අධි බලැති පුපුරන ද්‍රව්‍ය ඉන්දියාවෙන් හා උතුරෙන් එක්රැස් කිරීමට යුරෝපා රටවලින් මුදල් එවා ඇති බව බුද්ධි අංශ දැනට සිදු කළ මෙහෙයුම්වලදී හෙළිවී තිබෙනවා.

ජාත්‍යන්තර සහාය ඇතිව හිස ඔසවන්නට ගිය එල්ටීටීඊ අලුත්ම ජාලය පසුපස සිටින මොළකරුවන් හඳුනාගැනීමට හා අරමුදල් ලද ආකාරයන් ගැන සෙවීමට ජාත්‍යන්තර රටවල බුද්ධි අංශ සහාය ලබා ගැනීමටත් රජය තීරණය කරනු ලැබුවා.

No comments:

Post a Comment

Post Bottom Ad