පෝස්ටර් සංස්කෘතිය අවසන් කරනවා ... පරිසර හිතකාමී මැතිවරණ ව්‍යාපාරයකට ඇමති ඉන්දික අනුරුද්ධ පෙරමුණ ගනී - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, March 8, 2020

පෝස්ටර් සංස්කෘතිය අවසන් කරනවා ... පරිසර හිතකාමී මැතිවරණ ව්‍යාපාරයකට ඇමති ඉන්දික අනුරුද්ධ පෙරමුණ ගනී

හිටපු රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා ඊයේ දින මැතිවරණ රැස්වීමක් අමතමින් කියා සිටියේ මෙවර මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු පෝස්ටර් භාවිතා කිරීමකින් තොරව සිදු කල යුතු බවත්
තම ආධාර කරුවන්ගෙන්ද කිසි ලෙසකින් වත් පෝස්ටර් භාවිතා නොකරන ලෙසත් ඉල්ලා සිටියේය.



තවද තම සහෝදර අපේක්ෂකයන්ටද පෝස්ටර් රහිතව පරිසර හිතකාමී ලෙස මැතිවරණ ප්‍රචාරණය සිදු කරනා ලෙස එතුමන් ආරාධනා කර සිටියේය.

එසේම තව දුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා

"අද වෙනකොට එජාපය තීන්දු කරලා තියෙනවා ආයෙ අලියගෙන් එනවා කියලා. දැං ෆෝන් එක විසිවෙලා. හදවත ගැලවිලා,හංසයා ආගිය අතක් නෑ.
ඒ නිසා අපිට මේ වතාවෙ තුනෙන් දෙකකට යන්න පුලුවන්. අපේ පාක්ෂිකයො උනන්දු වෙන්න ඕන ඒ වෙනුවෙන්. තුනෙන් දෙකක් අරගෙන රටට අහිතකර ව්‍යවස්ථාව රටට ගැලපෙන විදියට
,ජනතාවට වාසි සහගත විදියට වෙනස් කරන්න පුලුවන්. අපි පුලුවන් තරම් අයව ඡන්ද පොළට එක්ක යන්න වැඩ සටහන් යොදන්න"

යනුවෙන් ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේ ය.

No comments:

Post a Comment

Post Bottom Ad