විශේෂඥ පුහුණුවට එංගලන්තයට ගිය මෙරට වෛද්‍යවරුන් අසාධ්‍ය කොරෝනා රෝගීන්ට ප‍්‍රතිකාර කරන්න දමති.. වහා ගෙන්වා ගන්නැයි ජනපතිගෙන් ඉල්ලයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, April 10, 2020

විශේෂඥ පුහුණුවට එංගලන්තයට ගිය මෙරට වෛද්‍යවරුන් අසාධ්‍ය කොරෝනා රෝගීන්ට ප‍්‍රතිකාර කරන්න දමති.. වහා ගෙන්වා ගන්නැයි ජනපතිගෙන් ඉල්ලයි

මන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නැයි විශේෂඥ වෛද්‍ය පුහුණුව සඳහා එක්සත් රාජධානියට ගොස් සිටින වෛද්‍යවරුන් 85 ක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිති.

මෙරට රජයේ රෝහල්වල සේවය කරමින් සිටි මෙම වෛද්‍යවරුන් විශේෂඥ පුහුණුව සඳහා එක්සත් රාජධානිය වෙත ගොස් ඇති අතර මේ වන විට ඔවුහු එම පුහුණුවේ අවසන් අදියරේ සිටින බවද කියා සිටිති.
එක්සත් රාජධානියේ කොවිඞ් 19 වෛරසය සීඝ්‍රයෙන් පැතිර යමින් තිබෙන බවද අසාධ්‍ය රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ ඉදිරි පෙළ කණ්ඩායම් ලෙස විශේෂඥ පුහුණුව ලබන තම කණ්ඩායම යොදා ගැනීම ආරම්භ කර ඇතැයිද පවසන මෙම වෛද්‍යවරු ශ්‍රී ලංකාවට පැමිණීමට සහ නිරෝධායනය සඳහා වැයවන සියලු වියදම් දැරීමට සූදානම් බවද ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දී ඇත.

– aruna


No comments:

Post a Comment

Post Bottom Ad