ෆොන්සේකා රට පාවා දුන්නා.. කරුණා අම්මාන් ඊට විරුද්දව පෙරට ආවා - විජයදාස රාජපක්ෂ - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, June 24, 2020

ෆොන්සේකා රට පාවා දුන්නා.. කරුණා අම්මාන් ඊට විරුද්දව පෙරට ආවා - විජයදාස රාජපක්ෂ

මෙරට පැවති යුද්ධය ජයග්‍රහණය කිරීම සඳහා කොටි සංවිධානයේ හිටපු සන්නද්ධ නායකයා වූ කරුණා අම්මාන්ගේ සහාය ඉතා වැදගත් වූ බව හිටපු ඇමති විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ යුධ හමුදාව යුද අපරාධ සිදු කළ බවට එවකට හමුදාපති සරත් ෆොන්සේකා ප්‍රකාශ කරද්දී ශ්‍රී ලංකාව යුද අපරාධ නොකළ බවට කරුණා අම්මාන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ බවද ඔහු පැවසීය.

ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා යෝජනාවක් ඉදිරිපත් වූ අවස්ථාවේදීද ශ්‍රී ලංකා යුද අපරාධ නොකළ බවට කරුණා අම්මාන් සාක්ෂි දීමට ඉදිරිපත් වූ බවද රාජපක්ෂ මහතා සඳහන් කළේය.

වර්තමානයේ කරුණා අම්මාන් විසින් සිදු කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් යම් ගැටළුවක් ඇතිවී තිබෙන බවත් එ් සදහා අදාල කටයුතු නීති අංශ විසින් ගනු ඇති බවත් ඔහු පැවසීය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කරන ලදී.


No comments:

Post a Comment

Post Bottom Ad