චීන ඌරන් හරහා ව්‍යාප්තවන නව වෛරසයක් සම්බන්ධයෙන් එරට විශේෂඥයින් සිදුකළ පර්යේෂණයකදී තොරතුරු හෙළිව තිබෙනවා.
2011 සිට 2018 යන වර්ෂයන් අතර වාරයේදී ඌරන්ට හටගත් ඉන්ෆ්ලුවෙන්සා වර්ගයේ වෛරස් සම්බන්ධයෙන් පර්යේෂණයක යෙදී සිටි චීනයේ විශේෂඥයින් පිරිසකට H1N1 වසංගත වෛරසයක සියලු ලක්ෂණ සහිත " G4” නම් වූ වික්‍රියාවක් හඳුනා ගැනීමට හැකිවී තිබෙනවා.
චීනයේ වෛද්‍ය පර්යේෂක කණඩායම විසින් සිදුකළ එම පර්යේෂණයේ තොරතුරු අමෙරිකාව විසින් ප්‍රකාශයට පත් කරනු ලබන සුප්‍රකට විද්‍යා සඟරාවක් වන " National Academy of Science” හි පළකොට ඇත.
මෙම නව වෛරසය ඉක්මනින් මිනිසුන්ට බෝවීමේ හැකියාවක් පවතින බවත් එය ගෝලීය වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බවයි චීන පර්යේෂකයින් අනතුරු අඟවා තිබෙනවා.
දැනට සිදුකර ඇති පර්යේෂණ වලදී ඌරු ගොවිපළවල් ආශ්‍රිතව සේවය කරනු ලබන සේවකයින්ගේ රුධිර පරීක්ෂණයේදී ඔවුන්ගේ රුධිර සාම්පල් තුළ වෛරසය පැවති බවට සොයා ගෙන තිබෙනවා.
අධික ජනගහණයෙන් යුත් පුද්ගලයින් ගොවිපොළවල් ආශ්‍රිතව ජිවත් වීම හේතුවෙන් වෛරසයේ ව්‍යාප්තියක් සිදුවුව හොත් ඉතා ඉක්මනින් මිනිසුන් අතරේ පැතිර යාමට ඉඩක් ඇති බවයි චීන පර්යේෂක කණ්ඩායම සඳහන් කර සිටින්නේ.
Tuesday, June 30, 2020
ලොවපුරා වසංගතයක් විය හැකි ඌරන් ගෙන් ව්‍යාප්තවන නව වෛරසයක් ගැන චීනය අනතුරු අඟවයි
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment