අද ලොකු පුටු ඉල්ලන අයට ඇවිද ගන්නවත් බැරි කොර ගහන අසනීප තියෙනවා,ඔවුන් විශ‍්‍රාම ගත යුතුයි. - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, June 30, 2020

අද ලොකු පුටු ඉල්ලන අයට ඇවිද ගන්නවත් බැරි කොර ගහන අසනීප තියෙනවා,ඔවුන් විශ‍්‍රාම ගත යුතුයි.

මෙරට සර්වබලධාරී ජනාධිපති ධුරය දැරූ පසු තවත් පීචං මන්ත්‍රී කෙනෙක් ලෙස පාර්ලිමේන්තු යාමේ උවමනාවක් සමන්ට නැති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි.

ජනාධිපති ධුරය දැරීමෙන් පසු නැවත අගමැති වීමේ ආශාවක් තමනට නැතැයිද ඇය පැවසුවාය.

අද එම ධූරයන් ඉල්ලා සිටින ඇතැම් නායකයන් නිවාස වලට ගොස් විශ්‍රාම ගත යුතු වයසේ පසුවන අය බවත් ඇවිද ගන්නවත් බැරිව කොර ගහන අසනීප තත්ත්වයන් සහිත අය බවත් ඇය සඳහන් කළාය.

එනිසා ඔවුන් විශ්‍රාම සුවෙන් නිවාස නිවෙස්වලට වී සිට අලුත් අයට ඉඩ ප්රස්තාව ලබා දිය යුතු බවත් ඇය පැවසුවාය.

හිටපු ජනාධිපතිනිය මේ බව කියා සිටියේ තම තම උපන් දිනය වෙනුවෙන් අනුරාධපුරයේ පැවති සැමරුමකින් පසු මාධ්‍ය අමතමිනි.
-lankacnews

No comments:

Post a Comment

Post Bottom Ad