ආණ්ඩුවට 2/3 වැලකීම සියලු ජනතාවගේ වගකිමක්.. 2/3 ආණ්ඩුවලින් රට ලේ විලක් වෙනවා - දයාන් - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, July 8, 2020

ආණ්ඩුවට 2/3 වැලකීම සියලු ජනතාවගේ වගකිමක්.. 2/3 ආණ්ඩුවලින් රට ලේ විලක් වෙනවා - දයාන්

ණ්ඩුවට කිසිසේත්ම තුනෙන් දෙකේ බලයක් ලබාදිය යුතු නැති බව රුසියාවේ හිටපු ශ්‍රිලංකා තානාපති දයාන් ජයතිලක මහතා සඳහන් කළේය.

කොළඹදී පැවති විද්වත් හමුවක් අමතමින් ඔහු කියා සිටියේ තුනෙන් දෙකේ බලය වැළැක්වීම සෑම පුරවැසියන් යුතුකම බවයි.

තුනෙන් දෙකේ බලය සහිතව මෙරට පැවැති සිරිමාවෝ බණ්ඩාරනායක සහ ජේ ආර් ජයවර්ධන ආණ්ඩු කාල තුළ දී ශ්‍රී ලංකාව ලේ සාගරයක් වූ බවත් එනිසා වර්තමානයේ කිසිවෙකුට තුනෙන් දෙකක් ලබාදිය යුතු නැතැයිද ඔහු පැවසීය.

තුනෙන් දෙකේ බලයකින් 13 සංශෝධනය හා 19 සංශෝධනය වෙනස් කළ හැකි බවත් 19 සංශෝධනය අහෝසි කළොත් දැනට ඇති බලවත් මැතිවරණ කොමිසම අහෝසි වනු ඇති බවත් ඔහු පැවසීය.

13 වෙනි සංශෝධනය ඉවත් කළහොත් නැවතත් උතුරු ප්‍රදේශයේ ප්‍රශ්න ඇති වනු ඇති බවත් ඉන්දියාව සමඟ ද යම් ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදුවනු ඇති බවත් ඔහු තව දුරටත් තියා සිටියේය.

දයාන් ජයතිලක මහතා මෑතකදී සමගි ජනබලවේගය පක්‍ෂයේ ආරාධිත දේශණයක්ද පැවැවීය.


No comments:

Post a Comment

Post Bottom Ad