මැදපෙරදිග දී මියගිය ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ගණන 35 දක්වා ඉහළට ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, July 10, 2020

මැදපෙරදිග දී මියගිය ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ගණන 35 දක්වා ඉහළට !

සුගිය සති තුන තුළදී කොරෝනා වසංගතය හේතුවෙන් මැදපෙරදිග සේවය කරන ලාංකික ශ්‍රමිකයන් 12 දෙනෙකු මියගොස් ඇති අතර මරණ සංඛ්‍යාව 35 දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසා තිබේ. ජුනි 19 වන විට මැද පෙරදිග රටවල සේවය කරමින් සිටි ලාංකිකයන් විසිතුන් දෙනෙක් කොරෝනා වසංගතය හේතුවෙන් මිය ගොස් තිබුණි.

එක්සත් අරාබි එමීර් රාජ්යය, සවුදි අරාබිය, කුවේට්, කටාර්, ඕමාන් සහ ලෙබනනය යන රටවලින් මෙම මරණ වාර්තා වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රකාශක මංගල රන්දෙනියා පවසයි. මෙම මිය ගිය 35 දෙනා අතරින් දෙදෙනෙක් කාන්තාවන් වන අතර ඉතිරි සියලු දෙනා පිරිමින් වේ.

මෙම මියගිය ලාංකික ශ්‍රමිකයන් 35 දෙනාගේ අවසන් කටයුතු එම රටවලදීම සිදුකර තිබේ.

කොරෝනා වසංගතය ගල්ෆ් කලාපයේ රටවල යාමත් සමඟ ලාංකික ශ්‍රමිකයන් විවිධ ගැටලුවලට මුහුණ දෙමින් සිටියි. මෙම කොරෝනා මරණවලට අමතරව මානසික පීඩනය දරාගත නොහැකිව ඇතැම් ශ්‍රමිකයන් සියදිවි නසාගන්නා බව එම රටවලින් ලැබෙන වාර්තා පෙන්වා දෙයි.

නමුත් ආණ්ඩුවට ඔවුන් ගෙන්වා ගැනීමට තබා එම ශ්‍රමිකයන්ගේ ගැටලු විසඳීමට අදාළව තානාපති කාර්යාල මට්ටමෙන් හෝ වැඩපිළිවෙලක් නොමැත.



No comments:

Post a Comment

Post Bottom Ad