දින 52කට අගමැතිකම ගන්න සිදුවුනේ මහ දෙන්නාගේ ආරවුල නිසා - අගමැති - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, July 27, 2020

දින 52කට අගමැතිකම ගන්න සිදුවුනේ මහ දෙන්නාගේ ආරවුල නිසා - අගමැති

හ පාලන සමයේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර පැවැති ආරවුල දුරදිග යෑම නිසා ඇතිවූ ගැටලු මත දින 52කට හෝ අගමැතිකම ලබාගෙන පසුව විපක්ෂ නායක ධුරයට අඩිය තැබීමට තමාට සිදු වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගලදී පැවැසීය.


අලව්ව ප්‍රාදේශීය  සභා ක්‍රීඩාංගණයේ පැවැති ජන හමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරයා සඳහන්
කළේ, පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව ආසන වැඩිම පක්ෂයට විපක්ෂ  නායකකම ලබා දිය යුතු වුවත් යහපාලන රජය එම පිළිවෙත කඩාබිඳ දැමූ බවයි.

රට ගොඩනැඟීම වෙනුවට දේශපාලන පළිගැනීම මූලික කරගත් යහපාලන රජය  ආසන දහසයක් පැවැති දෙමළ ජාතික සන්ධානයට විපක්ෂ නායකකම ලබාදුන් බව සිහිපත් කළ අග්‍රමාත්‍යවරයා, ආසන හයක් පැවැති ජනතා විමුක්ති පෙරමුණට විපක්ෂයේ සංවිධායකකම ලබා දුන් බවද පෙන්වා දුන්නේය.

ආසන පනස්තුනක් තබාගෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට පාර්ලිමේන්තුවේ අසුන්ගෙන සිටීමට සිදුවූ බවද සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා, යහපාලන රජයට රටට ජාතියට  වැඩක් කිරීමට කිසිදු අදහසක් නොතිබූ බව සඳහන් කළේය.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර පැවැති ආරවුල දුරදිග යෑම නිසා ඇතිවූ ගැටලු මත දින 52කට හෝ අගමැතිකම ලබාගෙන විපක්ෂ නායක ධුරයට අඩිය තැබීමට තමාට සිදු වූ බව අග්‍රමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

මෙවැනි බාධක, කම්කටොලු මැදින් ශක්තිමත්ව දැවැන්තව ගොඩනැඟූ   ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී 71%ක විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමට සමත් වූ බවද
රාජපක්ෂ මහතා කීය.

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය


No comments:

Post a Comment

Post Bottom Ad