IDH රෝහලෙන් පැන ගිය ආසාදිතයා සොරාගත් පාපැදිය හෝ එය ගත් පුද්ගලයා මෙතෙක් හමු වී නෑ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, July 28, 2020

IDH රෝහලෙන් පැන ගිය ආසාදිතයා සොරාගත් පාපැදිය හෝ එය ගත් පුද්ගලයා මෙතෙක් හමු වී නෑ !

සුගිය දිනක අංගොඩ ජාතික උණ රෝහලෙන් පලාගිය කොරෝනා ආසාදිත වූ පුද්ගලයා සොරාගත් පාපැදිය ඔහුගෙන් ලබාගත් පුද්ගලයා මේ වන තෙක් සොයා ගැනීමට හැකි වී නැත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න මහතා සඳහන් කරන්නේ රෝගියා විසින් සොරකම් කළ පාපැදිය පිළිබඳව තොරතුරක් මෙතෙක් අනාවරණ වී නොමැති බවත් එය කවුරුන් හෝ භාරගෙන ඇති බවට සැක කරන බවයි.

කෙසේ නමුත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරන්නේ මෙම පාපැදිය ලබාගත් පුද්ගලයා සොයා ගැනීම වැදගත් බවත් බවයි.

නමුත් එම පාපැදිය ගැන අනවශ්‍ය බියක් ඇතිකර ගැනීම අවශ්‍ය නැතැයි ද ඔහු සඳහන් කළේ ය.

එම පාපැදියේ කොරෝනා බෝ වීමට තරම් විෂබීජ තිබිය නොහැකි බව ද ඔහු කියා සිටියේය.

ශ්‍රී ලංකාව තුළ කොරෝනා වසංගත තත්ත්වය දැන් බොහෝ දුරට පහව ගොස් ඇති බවද ඔහු තවදුරටත් පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad