මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මුදල් ඉතා සුක්ෂම ක්‍රමවේදයක් ඔස්සේ බැංකු ගත කිරිමේ කටයුත්තක නියැලී සිටි විශ්‍රාමික බැංකු නිලධාරියෙකු වේරහැර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් සිය ජාවාරම් කටයුතු වලින් උපයා ගන්නා මුදල් මෙම විශ්‍රාමික බැංකු නිලධාරියා වෙත ගෙන ගොස් භාර දෙනු ලබන අතර ඔහු එම මුදල් තමා සන්තකයේ තබාගෙන ඔහුගේ පෞද්ගලික බැංකු ගිණුම ඔස්සේ අවශ්‍ය ගිණුම් වලට මුදල් හුවමාරු කිරිමේ කටයුතු සිදුකර ඇති බවයි බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සඳහන් කළේ.
මෙම විශ්‍රාමික බැංකු නිලධාරියා සමග මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 10 දෙනකු සම්බන්ධකම් පවත්වා ඇති බවට වන තොරතුරු අනාවරණය වරුපියල් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදල් මෙම විශ්‍රාමික බැංකු නිලධාරියා ඔහු හරහා වෙනත් බැංකු ගිණුමකට බැර කිරීමේදී රුපියල් ලක්ෂයක් වෙනුවෙන් ඔහු රු.9000 ක ගාස්තුවක් අය කර ඇති බවයි ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කර සිටියේ.
මෙම විශ්‍රාමික බැංකු නිලධාරියා මාසයක කාලයක් තුලදී රුපියල් මිලියන 6.5ක් එලෙස මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ගිණුම් වලට මුදල් බැර කොට ඇති බවට කරුණු අනාවරණය වී ඇත.
මෙම පුද්ගලයා සතු ලැප්ටොප් පරිගණකය සහ තවත් ලියවිලි කිහිපයක් පොලිස් භාරයට ගෙන ඇති බවත් මෙම ක්‍රියාව ඔහු කොපමණ කාලයක සිට සිදුකරගෙන ආවද, එලෙස මුදල් යවනු ලැබුවේ කාටද යන්න සම්බන්ධයෙන් පොලිස් විමර්ශන සිදුකරන බවයි බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
Friday, July 3, 2020
Home
ප්රවෘත්ති
ලක්ෂයට ගාස්තුව රු.9000යි : කුඩු මුදලාලිලා ගේ සල්ලි බැංකුවලට යවන හිටපු බැංකු සේවකයාගේ අපුරු බැංකුව පොලිසියෙන් වටලයි
ලක්ෂයට ගාස්තුව රු.9000යි : කුඩු මුදලාලිලා ගේ සල්ලි බැංකුවලට යවන හිටපු බැංකු සේවකයාගේ අපුරු බැංකුව පොලිසියෙන් වටලයි
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment