ලෝක කුසලාන පාවාදුන්නැයි බොරු කියු මහින්දානන්දට විරුද්දව පරීක්‍ෂණ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, July 6, 2020

ලෝක කුසලාන පාවාදුන්නැයි බොරු කියු මහින්දානන්දට විරුද්දව පරීක්‍ෂණ !

2011 ලෝක කුසලාන ක්‍රිකට් අවසන් මහා තරඟය පාවා දුන්නේ යැයි එවකට හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරනැයි ක්‍රීඩා අමාත්‍යාංශය වෙත පැමිණිල්ලක් භාර දී තිබේ. මෙම පැමිණිල්ල භාර දී ඇත්තේ සමාජවාදී තරුණ සංගමය හා සේවු ද ස්පෝට් සංවිධානය එක්වයි.


ක්‍රීඩාවන් සම්බන්ධයෙන් අසත්‍ය චෝදනා ඉදිරිපත් කරන අයට නීති මගින් කටයුතු කිරීමේ අවස්ථාව පසුගිය රජය විසින් සම්මත කර ඇති නව පනතක් අනුව ලැබී ඇත.

ඒ අනුව මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් එල්ල කරන ලද චෝදනාව සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් හෙළි නොවීම මත ඔහුට එරෙහිව පරීක්ෂණ කරන්නැයි මෙම පැමිණිල්ල මගින් ඉල්ලා තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad