වැලිකඩ රැඳවියෙකුට කොරෝනා ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, July 6, 2020

වැලිකඩ රැඳවියෙකුට කොරෝනා !

වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියෙකු කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

මෙම රැඳවියා කන්දකාඩුවෙනි පිහිටි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් පුනරුත්තාපනය කිරීමේ මධ්‍යස්ථානයේ සිට ජුනි 27 දා දින වැලිකඩ බන්ධනාගාරයට යොමුකර තිබේ.


මෙම හඳුනාගත් රෝගියා සම්බන්ධයෙන් හා අනෙකුත් ආශ්‍රිතයන් සම්බන්ධයෙන් පී.සී.ආර්. පරීක්ෂණ හා නිරෝධායන කටයුතු සිදු කරමින් පවතින අතර මෙම පරීක්ෂණ සඳහා රිමාන්ඩ් බන්ධනාගාර රැඳවියන් හා බන්ධනාගාර නිලධාරීන්ද බඳුන් කරන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

-අද

No comments:

Post a Comment

Post Bottom Ad