මැතිවරණයට ‘වියත්මග’ පෙන්වා අපේක්‍ෂකයන් වංචාවක.. වියත්මගෙන් දැනුම් දීමක් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, July 28, 2020

මැතිවරණයට ‘වියත්මග’ පෙන්වා අපේක්‍ෂකයන් වංචාවක.. වියත්මගෙන් දැනුම් දීමක් !

වියත්මග සංවිධානය නියෝජනය කරන පිරිස් අතරින් මෙවර මහ මැතිවරණයට තරග කරන්නේ ඉතා සීමිත පිරිසක් බව එම සංවිධානයේ ප‍්‍රධානියෙකු වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත‍්‍රික් අපේක්ෂක ආචාර්ය නාලක ගොඩහේවා මහතා සඳහන් කරයි.

ඇතැම් අපේක්‍ෂකයන් තමන් වියත්මග සංවිධානයේ යැයි පවසමින් දේශපාලන වාසි ලබා ගන්නා බවත් නමුත් ඔවුන් වියත්මගට සම්බන්ධ නොවන අය බවත් ගොඩහේවා මහතා කියා සිටියේය.

මෙවර බදුල්ල දිස්ත්‍රික්කයේ සඳහා වියත්මග නියෝජනය කරන එකම නියෝජනය වන්නේ ඕෂධී හේවාමද්දුම මහත්මිය බවත් ඔහු සඳහන් කළේය.

වෙනත් කිසිදු අයෙක් වියත්මග නියෝජනය කරමින් බදුල්ලට තරග නොකරන බවද එවන් අය සම්බන්ධයෙන් තම සංවිධානය කිසිදු වගකීමක් නොදරන බවත් ඔහු පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad