කොරෝනා ආසාදිත වූ දෙදෙනෙකු පාස්පෝට් කන්තෝරුවේදී අල්ලාගනී. - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, July 28, 2020

කොරෝනා ආසාදිත වූ දෙදෙනෙකු පාස්පෝට් කන්තෝරුවේදී අල්ලාගනී.

කොරෝනා වෛරසය අසාදිත වී සිටි දෙදෙනකු විදේශගතව සිට මෙරට පැමිණීමෙන් පසු නිරෝධායනය සඳහා යොමු යොමු කළ කාලය අවසන් වී ස්වයං නිරෝධායනයට යොමුකර සිටි කාලය අතරේ ගුවන් ගමන් බලපත්‍රය සකස් කර ගැනීමට පැමිණ සිටියදී ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේදී බුද්ධි අංශ නිලධාරීන් විසින් අල්ලාගෙන තිබේ.

ඉන් පසු ඔවුන් නැවතත් කොස්ගොඩ නිරෝධායන මධ්‍යස්ථානය වෙත යවා ඇත.

මෙම පුද්ගලයන් දෙදෙනා කිලිනොච්චියේ පදිංචිකරුවන් වන අතර පසුගිය 10 වනදා මෙරට පැමිණ ඇත්තේ ඕස්ට්‍රේලියාවේ සිටයි.

එහිදී කොරෝනා වෛරසය ආසාදනය වී තිබූ නිසා ඔවුන් දෙදෙනා නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කිරීමෙන් පසු සති දෙකක කාලය ඉකුත් වීම නිසා පසුගිය 24 වැනිදා ස්වයං නිරෝධායනය සඳහා නිවාස වලට යොමු කරන ලදී.

නමුත් ස්වයං නිරොදායන කාලය අවසන් වීමට පෙර මෙසේ ආගමන විගමන දෙපාර්තමේන්තුව පැමිණ සිටීම නිසා බුද්ධි අංශ විසින් ඔවුන් අල්ලා නැවත නිරෝධායන සඳහා යොමු කර තිබේ.

– aruna

No comments:

Post a Comment

Post Bottom Ad