අගමැති මහින්දගේ සේවකට ටීබීගේ ගෝලයන් පහර දෙති,කුරුණෑගල මනාප යුද්දය දරුණුයි. - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, July 7, 2020

අගමැති මහින්දගේ සේවකට ටීබීගේ ගෝලයන් පහර දෙති,කුරුණෑගල මනාප යුද්දය දරුණුයි.


ජූලි 07 වන වන දින කුරුණෑගල මඩහපොල දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සේවක මහතෙකුට හා ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයාගේ රථයකට හා රියදුරු මහතෙකුට නාදුණන පිරිසක් විසින් පහර දී ඔවුන්ව පැහර ගෙන ගොස් තිබේ.

ඔවුන්ව සම්බන්ධ කර ගැනීම සදහා කාර්‍යාල නිලධාරීයකු උත්සාහ කිරීමේදී දුරකතනයට පිලිතුරු ලබාදී ඇත්තේ පැහැර ගත් මැරයෙකි.

අනතුරුව කාර්‍යාල සේවකයා විසින් පොලිසිය දැනුවත් කීරීමෙන් පසුව පොලිසිය විසින් මාර්ග බාධක යොදා අත්අඩංගුවට ගැනිමට කටයුතු කර තිබේ.

හෙට 2020 ජූලි 08 හා අනිද්දා 09 යන දෙදින තුළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වීමට නියමිත මහා සංඝරත්නය බැහැ දැකීම සදහා පැවැත්වීමට නියමිත උත්සවයක ආරාධනා පත් බෙදා හැරීමට යාමේ දී මෙම පහර දීම හා පැහැරගැනීම සිදු ව ඇත.

ආරාධනා පත්‍ර බෙදා දීම සිදු කල අග්‍රාමාත්‍යවරයාගේ සේවක මහතා ගමන් කළ වෑන් රථය හරස් කළ සුදු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් පැමිණි පිරිසක් රියදුරුට හා අග්‍රාමාත්‍යවරයාගේ සේවක මහතාට දැඩි ලෙස පහර දී පැහැර ගෙන ගොස් ඇත.

ටී.බී ඒකනායක මහතාගේ බල ප්‍රදේශ තුළ කිසිවකුට ඡන්ද ව්‍යපාරය කිරිමට නොහැකි බවට තර්ජනය කොට දැඩි ලෙස පහර දී පැහැර ගත් බව එම රියදුරු මහතා සහ අග්‍රාමාත්‍යවරයාගේ සේවක මහතා පොලිසියට පවසා ඇත.

මොවුන් දෙදෙනාගෙන් එක් අයෙකු පොල්පිතිගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.මේ පිළිබදව නිකවැරටිය බල ප්‍රදේශයට අයත් පන්සියගම පොලිස් ස්ථානයට පැමිණිලි කර ඇත.

තවද පහර දීම සදහා පිරිස රැගෙන පැමිණි ඩිෆෙන්ඩර් රථය රාජ්‍ය ආයතනයක වාහනයක් හා එහි අංක තහඩු මාරු කර ඇති බවට ද පැමිණිලි කර ඇත.

මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරික්ෂණ පැවැත්වෙමින් ඇත.

– breakinglk

No comments:

Post a Comment

Post Bottom Ad