හමුදා නිලධාරීන් 2000 - 3000 මරාදැමූ බවට තමන් කළ ප්‍රකාශය පැයක කතාවකින් කොටසක් බවත් ඊට එරෙහිව ජනතාව උසිගැන්නූ සජිත් ප්‍රේමදාස මහතාට තමන් දරුණු ප්‍රහාරයක් එල්ල කළ බවත් කරුණා අම්මාන්ව සීරුවොත් විශාල ප්‍රශ්නයක් ඇතිවන බව සජිත් දැන් තේරුම් ගෙන ඇති බවත් මහමැතිවරණ අපේක්ෂක කරුණා අම්මාන් පවසයි.
"අපි අපේ පක්ෂය තියාගෙන කේවල් කරමින් ඉන්නවා. ඒ කියන්නේ ආණ්ඩු පක්ෂයත් එක්ක. අපට මෙච්චර අපේක්ෂකයින්ට මේවා කළොත් තමයි ඕගොල්ලොන් එක්ක එකතු වෙන්නේ කියලා. ඒවගේම මඩකලපුවෙන් අපට අඩුම තරමේ එක නියෝජිතයෙක් හරි ඕනෙ. එහෙම වුණොත් තමයි ඔවුන් හරහා මට ඔබට සංවර්ධනය ගේන්න පුළුවන්.
සංවර්ධනය අරන් එන හැටි මම දන්නවා. ඔයාලා දන්නවා ළඟදි තප්පර 30ක වීඩියෝවක් පරමාණු බෝම්බයක් පිපිරුණා වගේ තිබුණා. ලෝකය පුරාම කරුණා අම්මාන් තමයි. කරුණා අම්මාන් තමයි !. මේ ටීවී එක දැම්මොත් කරුණා අම්මාන්, අර ටීවී එක දැම්මත් කරුණා අම්මාන්, රේඩියෝ එක දැම්මත් කරුණා අම්මාන්.
මම ඒකෙ පැයක් කතා කෙරුවා. මම ඒකෙ පොදු ප්‍රශ්න ගැන කතා කෙරුවේ. යුද්ධයේදී අහිමිවීම් ගොඩක් වුණා, ඒක සත්‍යයක්. ඉදිරියට ඒවගේ අහිමිවීම් ඕනෙ නෑ. එහෙම කියපු කතාව එකෙක් එඩිට් කරලා ඌම උගෙ ඔළුවේ පස් හළාගත්තා වගේ. කවුද ඒ, සජිත් ප්‍රේමදාස. ඒ කතාව ඌ උසිගැන්නුවා. මේක ලොකුවට දාලා ගහන්න කියලා. එතකොට මං කිව්වා අඩෝ, උඹෙ තාත්තා තමයි තුවක්කු 5000ක් දීලා, අත්බෝම්බ 5000ක් දීලා, පතුරම් කෝටියත් දීලා සංවිධානය වර්ධනය කළේ උඹේ තාත්තා කියලා. දැන් සිංහල ජනතාව අතරට යන්න බෑ. කොහොම පැටළුණාද ? මාව හීරුවොත් ප්‍රශ්නේ කියලා ඌට දැන් තේරිලා තියෙන්නෙ. ඒක තමයි අගමැතිතුමා කියන්නේ කරුණා කරුණා කියල ඇයි කෑගහන්නෙ, කට වහගෙන ඉන්න කියලා. එහෙම නිවේදනයක් දැම්මා, ඒ එක්කම නවත්තා ගත්තා" යනුවෙනුයි ඔහු සඳහන් කළේ.
කරුණා අම්මාන් මේ බව පැවසුවේ ඊයේ (02) මඩකලපුවේ පැවති මැතිවරණ ප්‍රචාරණ රැස්වීමක් අමතමිනි.
Thursday, July 2, 2020
Home
ප්රවෘත්ති
මගේ කතාව එඩිට් කරලා සජිත් උගේම ඔළුවේ පස් හළාගත්තා... මාව හීරුවොත් ප්‍රශ්න තමා - කරුණා
මගේ කතාව එඩිට් කරලා සජිත් උගේම ඔළුවේ පස් හළාගත්තා... මාව හීරුවොත් ප්‍රශ්න තමා - කරුණා
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment