ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් මහතා පැද වූ සුඛෝපභෝගී මෝටර් රථය පානදුර – උතුර හොරේතුඩුව ප්‍රදේශයේදී ඊයේ (05දා) අලුයම පාපැදියක ගැටීමෙන් පාපැදිකරු තුවාල ලබා මියගිය බව පානදුර පොලිසිය කියයි. අනතුරින් මියගොස් ඇත්තේ පානදුර උතුර ගොරකාපොළ ඥානසේන මාවත පදිංචිව සිටි පෞද්ගලික බස් රථ කොන්‍ෙදාස්තරවරයකු ලෙස සේවය කරන නෙවිල් පීරිස් (64) නමැති අයෙකි.
අනතුර සිදුවී පැයකට පමණ පසු පොලිසියට භාර වූ කුසල් මෙන්ඩිස් පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ක්‍රිකට් පාලක මණ්ඩලයේ සාමාජිකයකු, තලංගම ප්‍රදේශයේ නිවෙසක පවත්වනු ලැබූ සාදයකට සහභාගි වී අනතුරුව ක්‍රිකට් ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දු සමඟ ගොරකාන නිවෙස වෙත පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
අනතුරින් මියගිය පාපැදිකරු ගොරකාන නිවෙසේ සිට රැකියාව සඳහා මොරටුව දෙසට පාපැදියෙන් යමින් සිටියදී ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙක්ඩිස් මොරටුව දෙස සිට ගොරකානේ සිය නිවෙස වෙත මෝටර් රථයෙන් වම්පස මංතීරුවෙන් යෑමට නියමිතව තිබියදී වාහනය දකුණු පස මං තීරුවෙන් ඉදිරියට ඇවිත් පාපැදියේ ගැටී මෙම අනතුර වී ඇති බව පොලිස් නිලධාරියකු පැවැසීය.
අනතුර සිදුවන අයුරු ඒ ආසන්නයේ නිවෙසක සවිකර තිබෙන සී.සී.ටී.වී. කැමරාවකද පැහැදිලිව සටහන්ව ඇතැයි පොලිසිය කියයි. අනතුරින් පසු එකී ස්ථානයේ රථය නොනවත්වා නිවෙස වෙත ගොස් සැකකාර කුසල් මෙන්ඩිස් පැයකට ආසන්න කාලයකට පසු පොලිසිය වෙත පැමිණ සිද්ධිය ගැන පවසා පොලිසියට භාර වූ බව පොලිසිය කියයි.
කිසියම් අනතුරකින් බරපතළ තුවාල ලද පුද්ගලයකු හොරේතුඩුව මුස්ලිම් පල්ලිය ඉදිරිපිට වැටී සිටින බවට මාර්ගයේ ගමන්ගත් පුද්ගලයකු පානදුර උතුර පොලිසියට කරන ලද දැනුම් දීමක් අනුව පොලිස් ජංගම සංචාරක රථයේ නිලධාරීන් එම ස්ථානයට ගොස් 1990 – “සුවසැරිය” ගිලන්රථය ගෙන්වා රෝහල්ගත කරන විටත් තුවාලකරු මියගොස් සිටි බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවැසීය. අනතුර සිදුකළ සැකකාර කුසල් මෙන්ඩිස් මහතාගේ රුධිර සාම්පලයක් ලබාගෙන ඔහු මත්පැන් පානය කර ඇද්දැයි අනාවරණය කර ගැනීම ස¼දහා පානදුර අධිකරණ වෛද්‍ය නිලධාරි කුසල් පෙරේරා මහතා පරීක්ෂණ පවත්වන බව පොලිසිය කියයි.
සිදු වූ අනතුර සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දු මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා බව පොලිසිය සඳහන් කරයි.
සැකකාර ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් මහතා අද (06) පානදුර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
පානදුර උතුර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්. වනිගතුංග, රථ වාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සමන් මෙන්ඩිස් මහත්වරු පරීක්ෂණ පවත්වති.
– mawbima
Sunday, July 5, 2020
Home
ප්රවෘත්ති
මාරක රිය අනතුරෙන් පසු කුසල් පැන ගිහින්.. පැයකට පසු බාරවෙලා.. පාරේ වැරදි පැත්තෙන් ගිහින්.. බීලාදැයි පරීක්‍ෂණ.. අවිශ්කගෙන්ද ප‍්‍රශ්ණ කරයි
මාරක රිය අනතුරෙන් පසු කුසල් පැන ගිහින්.. පැයකට පසු බාරවෙලා.. පාරේ වැරදි පැත්තෙන් ගිහින්.. බීලාදැයි පරීක්‍ෂණ.. අවිශ්කගෙන්ද ප‍්‍රශ්ණ කරයි
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment