කොරෝනා ලෙඩා පැන ගිය පාපැදියට වුණ දේ රහසක්. - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, July 27, 2020

කොරෝනා ලෙඩා පැන ගිය පාපැදියට වුණ දේ රහසක්.


අයිඞීඑච් රෝහලෙන් පැනගිය කොරෝනා රෝගියා අංගොඩ අග්ගොනදී සොරාගත් පාපැදිය භාරගත් පුද්ගලයා මෙතෙක් පොලිසියට ඉදිරිපත් වී නැත.

මෙම රෝගියා ඔහු සොරකම් කළ පාපැදිය පිළිබඳව කිසිදු තොරතුරක් අනාවරණය කර නොමැති අතර එම පාපැදිය කවුරුන් හෝ භාරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා ‘දිවයින’ට පැවසීය.

මෙම පාපැදියේ කොරෝනා බෝවීමට තරම් විෂබීජ නැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් දොස්තර අනිල් ජාසිංහ මහතාගෙන් කළ විමසීමකදී පැවසීය.

එම නිසා පාපැදිය පිළිබඳව බියක් ඇතිකර ගැනීමට අනවශ්‍ය බව කී අනිල් ජාසිංහ මහතා එම පාපැදිය ලබාගත් පුද්ගලයා සොයා ගැනීම වැදගත් බවද කීවේය.

ශී‍්‍ර ලංකාවේ කොරෝනා වසංගත තත්ත්වය දැන් බොහෝ දුරට පහව ගොස් ඇතැයි ද අනිල් ජාසිංහ මහතා කියා සිටියේය.

නෝමන් පලිහවඩන
-Divaina

No comments:

Post a Comment

Post Bottom Ad