ජවිපෙ මැතිවරණ නීති කඩයි? වසන්ත සමරසිංහ බසයක් පුරා ස්ටිකර් ගසයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, July 8, 2020

ජවිපෙ මැතිවරණ නීති කඩයි? වසන්ත සමරසිංහ බසයක් පුරා ස්ටිකර් ගසයි !

නතා විමුක්ති පෙරමුණ මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ප්‍රචාරණ කටයුතු කරන බවට චෝදනා නැඟෙයි.

තමා ගමන් කරන පෞද්ගලික වාහනයෙහි මැතිවරණ අපෙක්ෂකයන්ට සිය නම සහ අංකය ප්‍රදර්ශනය කළ හැකි වුවද වෙනත් වාහන ඒ සඳහා යොදා ගත නොහැකිය.

එසේම අදාළ අපේක්ෂකයා රථයේ නොමැතිව අංක සහ නම් ප්‍රදර්ශනය කරමින් වාහන ධාවනය ද තහනම්ය.

කෙසේ වුවද ජාතික ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් අපේක්ෂක වසන්ත සමරසිංහ ඔහුගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා බස් රථයක් සම්පූර්ණයෙන් වර්ණ ගන්වා ඇත.

මෙය මැතිවරණ නීති උල්ලංඝනයක් බවට සමාජමාධ්‍යවල නැගෙන විවේචනවලට ප්‍රතිචාර දක්වමින් ජවිපෙ සාමාජිකයන් පවසන්නේ එම බස් රථය මැතිවරණ සමයෙහි වසන්ත සමරසිංහ සිය පෞද්ගලික රථය ලෙස භාවිත කරන නිසා එහි කිසිදු මැතිවරණ නීති උල්ලංඝනයක් නොමැති බවය.


No comments:

Post a Comment

Post Bottom Ad