බදියුදීන් පාස්කු ත‍්‍රස්තයන්ට මුදල් දුන් බව හෙලි වුණ - පොලිසිය කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, July 28, 2020

බදියුදීන් පාස්කු ත‍්‍රස්තයන්ට මුදල් දුන් බව හෙලි වුණ - පොලිසිය කියයි

රිෂාඩ් බදුර්දීන් හිටපු ඇමතිවරයාගේ මුදල් පාස්කු ප්‍රහාරය එල්ල කළ සහරාන් ඇතුළු ත්‍රස්තවාදීන්ට ලැබී ඇතැයි ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න මහතා සඳහන් කරයි.

මේ බව හෙලි වූයේ හෙළිවූයේ දෙමටගොඩ තඹ කර්මාන්ත ශාලාවට අදාළව සිදුකරන විමර්ශනවලදී යැයිද ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත් 2019 වසරේදී වැඩ බලන පොලිස්පති වරයා විසින් නිකුත් කළ ලිපියකින් බදුර්දීන් පාස්කු පාස්කු ප්‍රහාරයට සම්බන්ධ නැතැයි ලිඛිතව සඳහන් කර තිබුනද එතෙක් ඔහු එම ප්‍රහාරයට සම්බන්ධ යයි සාක්ෂි ලැබී නොතිබූ බවද කියා සිටියේය.

ඉදිරි විමර්ෂන කටයුතු සඳහා අදාළ ලිපිය වලංගු නොවන බවත් ඔහු සදහන් කළේය.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණ තවදුරටත් පවත්වන බවත් ඉදිරියේදී සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ සිදු වන බව ඔහු කියා සිටියේය.

කෙසේ නමුත් බදියුදීන් හිටපු ඇමතිවරයා පාස්කු ප්‍රහාරයේ වරදකට සම්බන්ධ යැයි මෙතෙක් තොරතුරු ලැබී නැතැයි ද ඔහු පැවසීය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම අදහස් පල කරන ලදී.


No comments:

Post a Comment

Post Bottom Ad