ලුණුගම්වෙහෙර - බෙරලිහෙල ප්‍රදේශයේදී මත්පැන් සාදයක් අතර තුර දෙපිරිසක් අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිගොස් එක් පාර්ශවයක් විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
එහිදී එක් පුද්ගලයෙකු මියගොස් ඇති අතර, තවත් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා දෙබරවැව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව හම්බන්තොට මහ රෝහලට මාරු කර යවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ තිස්සමහාරාම - ඇල්ලගල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙක්.
මිය ගිය පුද්ගලයා, 15කට වැඩි තවත් පිරිසක් සමඟ බෙරලිහෙළ ප්‍රදේශයේ නිවසක ඊයේ මත්පැන් සාදයක් පවත්වා ඇති අතර, ඇති වූ ආරවුලකින් පසු එම ස්ථානයෙන් කිහිප දෙනෙකු පිටව ගොස් තිබුණා.
පසුව ඔවුන් යළි පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවටයි පොලීසිය සැක කරන්නේ.
No comments:
Post a Comment