සංගක්කාරට ICC සභාපති වෙන්න සුදුසුකම් නෑ - තිලංග - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, July 1, 2020

සංගක්කාරට ICC සභාපති වෙන්න සුදුසුකම් නෑ - තිලංග

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාරට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරය තෝරන නිලවරණයට මෙවර ඉදිරිපත් විය නොහැකි බවශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා පවසයි.

ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ විධායක සභාවට සහභාගි නොවූ අයෙකුට ඒ සඳහා ඉදිරිපත් විය නොහැකි බවද ඔහු පැවසීය.

එනිසා එළඹෙන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය නිලවරණය සඳහා කුමාර් සංගක්කාරට ඉදිරිපත් වීමේ හැකියාවක් තමන් දන්නා නීතිය අනුව නම් නැති බවද ඔහු පැවසීය.

කුමාර සංගක්කාර යනු ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තරය නියෝජනය කළ හැකි හොඳ තානාපති කෙනෙක් බවත් ඔහුට ඒ සඳහා සුදුසුකම් ඇති බවත් පැවසූ ඔහු තමන් සංගක්කාර ඉතාමත් ආදරය කරන බවත් ඔහු ඉතාම හොඳ කෙනෙක් බවත් කියා සිටියේය.

සුමතිපාල මහතා මෙම අදහස් පල කරන ලද්දේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානය දී පැවති මාධ්‍ය හමුවකදීය.


No comments:

Post a Comment

Post Bottom Ad