කොරෝනාවෙන් ජනතාව බේරාගත්තේ මැතිවරණ කොමිසමයි.. කොමිසම නොතිබුණානම් ජනතාව කොරෝනා නිසා අපිත් මැරිලා - JVP - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, July 1, 2020

කොරෝනාවෙන් ජනතාව බේරාගත්තේ මැතිවරණ කොමිසමයි.. කොමිසම නොතිබුණානම් ජනතාව කොරෝනා නිසා අපිත් මැරිලා - JVP

ද ලෝකයේ කොරෝනා වෛරසය අවසන් නොවූ තත්ත්වයක් යටතේ ශ්‍රී ලංකාවේ මැතිවරණය පැවැත්වීමට සූදානම් වන බවත් එහිදී අවම වශයෙන් හෝ සාධාරණ මැතිවරණයක් පවත්වා ගැනීම සඳහා මැතිවරණ කොමිසම උත්සාහ ගන්නා බව පෙනී යන බවත් ජනතා විමුක්ති පරමුණ පවසයි.
එම පක්‍ෂ ජාතික ලැයිස්තු අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පෙන්වා දෙන්නේ මැතිවරණ කොමිසමෙන් දිරවන්නේ නැති ආණ්ඩුවේ ප්‍රබලයන් කිහිප දෙනකු කොමිසම ඉලක්ක කර දැඩි ලෙස සහ ප්‍රහාර එල්ල කරමින් කමින් සිටින බවයි.

මැතිවරණ කොමිසම නොතිබුණා නම් අද මෙරට ජනතාව කොරෝනා නිසා මියගොස් ඇති බවද ඔහු සඳහන් කළේය.

මැතිවරණ කොමිසම නොතිබුනේ නම් අද ඔය අද ජනාධිපතිතුමන් කියන ආකාරයේ ජයග්‍රහණය කිසිවක් ලබා ගත නොහැකි බවද ඔහු පැවසීය.

ජනාධිපතිවරයා හා ආණ්ඩුව උත්සාහ දැරුවේ කොරෝනා නොතකා බලය වෙනුවෙන් මැතිවරණය පැවැත්වීම වුවද මැතිවරණ කොමිසම එම උත්සාහය වැලැක්වූ බවද ඔහු සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ සියත රූපවාහිනියෙ පැවති දේශපාලන සංවාදයකට එක්වෙමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad