එක රාත්‍රියකින් අලිමංකඩ යුද හමුදාවෙ දෙතුන් දාහක් මරා දමන්න පුළුවන් වු බවටත්, කිලිනොච්චියෙත් ඊටත් වඩා ගනනක් එක රාත්‍රියකින් මරා දැමු බවටත් තමා ඉතාමත් දරුනු මිනිහෙක් බවත් පසුගියදා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කල කරුණා අම්මාන් හෙවත් විනායගමූර්ති මුරලිදරන්, මඩකලපුව, කලවන්චිකුඩි ප්‍රදේශයේ පසුගියදා පැවැති ජන හමුවකදී තවත් බරපතල ප්‍රකාශයක් කර ඇත.
මේ ප්‍රකාශයෙන් ඔහු පවසන්නේ දෙමළ ජාතික සන්ධානය පිළිබඳව ය. TNA නායකයින් මරා නොදැමීම ගැන තමා අද පසුතැවෙන බව ඔහු එහිදී සඳහන් කර තිබේ.
ඔහු විසින් කල ප්‍රකාශයේ සිංහල පරිවර්තනය පහත පළවේ.
''මේ දෙමළ ජාතික සන්ධානය හැදුවේ මම තමයි. සිවරාම් කියන පුවත්පත් මාධ්‍යවේදියෙක් ඇවිල්ලා මට යෝජනාවක් කෙරුවා අම්මාන් යුද්දේ සිදුවෙනවා යුද්ධය ගැන බාහිර ලෝකයට පෙන්වන්න ඕන කියලා. යුද්ධයේ සැබෑ තත්ත්වය, අහිමිවීම්, බලපෑම් පාර්ලිමේන්තුවේ ඇහෙන්න ඕනෑ.
එතකොට මම ගිහිල්ලා නායකයාට කිව්වා මෙහෙමයි කියලා. එතකොටම එයා කිව්වා මම වෙඩි තියන්න කියපු හැමෝවම ඔයා ගෙන්වන්න හදනවා ද කියලා. තේරෙනවා නේද? ඒක තමයි අපි කරපු වැරැද්ද. එයා කිව්ව දේ අද කරලා තියෙන්නයි තිබුණේ.
ඊට පස්සේ එකතුවෙලා මේක කරන්නම ඕනෑ කියලා කිව්වා. හරි කියලා කැඳෙව්වා වන්නියට. කැඳවලා කතාකරලා ඉවරවුණාම නායකයා කිව්වා සම්බන්දන් මහත්තයා තමයි මේ කණ්ඩායමට, සන්ධානයට නායකයා කියලා. එතකොට හැමෝම හරියි කිව්වා.
දැන් ටී.වී එකේ සම්බන්දන් මහත්තයා කොහොමද දෙන්නේ. කොටින්ටයි අපිටයි සම්බන්ධයක් නෑ. එයාගේ බුද්ධිය නරක්වෙලා. විශ්‍රාම යන වයසේ මොනවා කතා කරනවාද කියලාවත් දන්නෑ.දෙන්නෙක් අතින් අල්ලන් යන්න ඕනෑ ජන්දේ දාන්නත්. ඒ වගේ නායකයෙක් ඕනෑ ද අපිට.''
Friday, July 3, 2020
Home
ප්රවෘත්ති
''TNA නායකයින් මරා නොදැමීම ගැන අද පසුතැවෙනවා'' : කරුණාගෙන් තවත් බරපතල ප්‍රකාශයක් - (Video)
''TNA නායකයින් මරා නොදැමීම ගැන අද පසුතැවෙනවා'' : කරුණාගෙන් තවත් බරපතල ප්‍රකාශයක් - (Video)
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment