මෛත‍්‍රී බලා සිටි අග‍්‍ර ඵලය ලැබේ.. ඔහුට දුන් අලුත්ම පුටුව මෙන්න - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, August 27, 2020

මෛත‍්‍රී බලා සිටි අග‍්‍ර ඵලය ලැබේ.. ඔහුට දුන් අලුත්ම පුටුව මෙන්න

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පාර්ශවයෙන් පළමු පෙළ පළමු ආසනය වෙන් කර දී තිබේ.

මෙම ආසනය ඔහුට වෙන් කර දී ඇත්තේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා කළ ඉල්ලීමක් අනුවයි.

මින් පෙර හිටපු ජනාධිපතිවරයෙකු වෙනුවෙන් වෙන්කර දී තිබුණේ ආණ්ඩු පක්ෂයේ පැත්තේ සිව්වැනි පෙලේ පලමු ආසනයයි.

පාර්ලිමේන්තුවේ වේත‍්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසන්නේ හිටපු ජනාධිපතිවරයෙකුට වෙන්වන්නේ පාර්ලිමේන්තුයේ ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයාට හිමිවන සිවුවන පෙලේ පලමු ආසනය බවයි.

නමුත් ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක ගේ ඉල්ලීම මත මෙසේ අසුන් පැනවූ බව ද ඔහු සඳහන් කළේ ය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැතිවරණ ජයග‍්‍රහණයෙන් පසු තම සමාජ ජාල ගිණුමේ සටහන් කර තිබුනේ ජයග‍්‍රහණයේ අග‍්‍රඵලය ලැබීමට නිහඬව ටික කාලයක් බලා සිටිය යුතු බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad