වනාතවිල්ලූවේ අක්.100ක් ගිනි තියලා,එළි කර විකිණීමේ සූදානමක්. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, September 6, 2020

වනාතවිල්ලූවේ අක්.100ක් ගිනි තියලා,එළි කර විකිණීමේ සූදානමක්.


- වසර ගණනාවක් පැරණි රූස්ස ගස්වලින් ගහන වනාතවිල්ලූව - එළුවන්කුලම කුරටියාමොහොට්ටේ ප‍්‍රදේශයේ වනාන්තරයක් ගිනි තබා එළිකර කොළඹ පෞද්ගලික සමාගමකට අලෙවි කිරීමට සූදානමක් ඇති බවට ‘දිවයින’ට වාර්තා වේ.

මෙම වන සංහාරයට වනාතවිල්ලූව ප‍්‍රදේශයේ ප‍්‍රදේශීය දේශපාලනඥයන් කිහිප දෙනකු සම්බන්ධ වී ඇති බවත්, ඔවුන් කොළඹ පුද්ගලික සමාගමකින් මුදල් ලබාගෙන මෙම ඉඩම හොර රහසේ අලෙවි කිරීමට යන බවටත් වනාතවිල්ලූව ජනතාව වෝදනා කරති. දැනට මාස ගණනාවක සිට අක්කර 100 කට ආසන්න ප‍්‍රදේශයක මෙලෙස විශාල ගස් කපා ගිනි තබා වනාන්තරය සම්පූර්ණයෙන්ම එළි පෙහෙළි කර තිබේ.

මෙම වනාන්තරය තුළ තිබූ ලක්ෂ ගණනක් වටිනා පැරණි පළු, බුරුත, වීර වැනි වටිනා ගස් රැුසක් විනාශ කර දමා මෙම භූමිය සකසා ඇති අතර, මෙහි දැන් සාමාන්‍ය හේන් ගොවිතැනට සුදුසු පරිසරයක් සකසා ඇති බව දක්නට ලැබේ.

මේ පිළිබඳව වනාතවිල්ලූව ප‍්‍රාදේශීය ලේකම් චතුරක ජයසිංහ මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා සඳහන් කළේ මෙම ඉඩම රජයේ ඉඩමක්ද නැත්නම් සිමෙන්ති සංස්ථාව 1960 වර්ෂයේ බදු දුන් ඉඩමක් ද යන්න කඩිනමින් සොයා බලන බවයි. තමා වෙනත් කටයුත්තකට මේ ආසන්නයට පැමිණි අවස්ථාවේ, ගස් ඉරන කියත් ශබ්දය ඇසී මෙම ස්ථානයට පැමිණි බව ද ප‍්‍රාදේශීය ලේකම්වරයා පැවසීය. මෙය විශාල අපරාධයක් බවත්, එම මෙහොතේම වනාතවිල්ලූව පොලිසියට සහ සිමෙන්ති සංස්ථා සභාපතිවරයා මේ පිළිබඳව දැනුම් දුන් බවත් හෙතෙම පැවසීය.

පුත්තලම - නලින් හෙන්දුරුගොඩ
පිංතූර - වනාතවිල්ලූව
-Divaina

No comments:

Post a Comment

Post Bottom Ad