චතුරිකා නිසා ගයාන් ගෙදර එක දිගටම පිරිත් දමලා | Lanka gossip story of Gayan & Chathurika - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, June 2, 2022

චතුරිකා නිසා ගයාන් ගෙදර එක දිගටම පිරිත් දමලා | Lanka gossip story of Gayan & Chathurika

චතුරිකා නිසා ගයාන් ගෙදර එක දිගටම පිරිත් දමලා

ගයාන් වික්‍රමතිලක කියන්නේ අපේ රටේ ඉන්න පෙරළිකාර ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පියෙක් කිව්වොත් මා නිවැරදියි. ඔහුට ලැබෙන ඕනෑම චරිතයක් කිසිදු පැකිලීමකින් තොරව ඔහුගේ උපරිම ශක්තිය යොදවා ඉතාමත්ම සාධාරණත්වයක් ඉටු කිරීමට ඔහුට ඇත්තේ පුදුමාකාර හැකියාවක්..ඒ නිසාම වෙන්න ඇති ඔහු කලා ක්ෂේත්‍රය තුළ නැතිවම බැරි චරිතයක් වී ඇත්තේ. ඔහු රංගනයෙන් දායක වූ සියලුම සිනමා නිර්මාණ මෙන්ම ටෙලි නිර්මාණත් රසිකයා ඉතාමත්ම ඕනෑකමින් වැළඳ ගත්තා. ඒ වගේම තමයි ඔහුගේ කඩවසම් රුවට බොහෝ තරුණියන් තවමත් පෙම් බඳින බව නම් නොරහසක්.

මේ වන විට ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන චතුරිකා පිරිස් සමග දෙවන වරට යුග දිවියට එළැඹී සිටින ගයාන් ඉතාමත් සාර්ථක විවාහ දිවියක් ගත කරනු ලබනවා. ඔවුන්ගේ දෙදෙනාට ආරාධනා නමින් ආදරණීය සුරතල් දියණියක් සිටින අතර ඇයගේ වීඩියෝස් නිරන්තරයෙන්ම අපට සමාජ මාධ්‍ය ඔස්සේ දැක ගන්නට පුලුවන් වෙනවා. මෙය චතුරිකා පිරිස්ගේත් දෙවන විවාහයයි. ඇය පළමු වරට විවාහ වන්නේ රංගන ක්ෂේත්‍රය තුළ සිටින දක්ෂ රංගන ශිල්පියෙකු වන රොෂාන් පිලපිටිය සමඟයි.
මේ වන විට රොෂාන් ද දෙවන වරට විවාහ වී ඉතාමත්ම සාර්ථක ආදර්ශමත් යුග දිවියක් ගත කරනු ලබනවා. ගයාන් පළමු වරට විවාහ වන්නේ මුස්ලිම් තරුණියක් වන ෆර්ෂිනා ලතීෆ් සමඟයි. ඔවුන් දෙදෙනාට ආදරණීය පුතුන් දෙදෙනෙක් සිටින අතර ඔවුන් අතර ඇතිවූ යම් යම් ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් එම විවාහයට සමුදීම ට ඔවුන්ට සිදුවුණා. ඉතින් පසුගිය දිනකදී ගයාන් හරි අපූරු ප්‍රකාශයක් කරලා තිබුණා.“මම නීතිය හරහා පුතුන් දෙදෙනාට කළ යුතු හැම යුතුකමක්ම ඉටු කරනවා. විවාහයක ඉන්න බැරිනම් එතනින් ඉවත් වෙන්න ඕනේ. එතකොට එයා පව් දරුවෝ තනි වෙයි කියලා හිතලා එහෙමම හිටියොත් වෙන්නේ ප්‍රශ්න තවත් වැඩි වෙන එක විතරයි. එහෙම හැඟීම්බර වෙලා තීරණ ගන්න අමාරුයි කියලයි.

ඒ වගේම ඔවුන්ගේ පවුලට ආදරණීය දියණියක් එකතු වුනේ මෑතකදීයි.බබා ලැබෙන්න කලින් ඉඳලාම ගයාන් කියමින් හිටියේ කෙල්ලෙක් වුනත් කොල්ලෙක් වුනත් මම ඕනම දරුවෙක්ට ගොඩක් ආදරෙයි කියලා. දියණියක් ලැබුනා කියලා දැනගත්තු වෙලාවේ ඉඳලාතාත්තා කෙනෙක් විදියට දැනෙන වගකීම් ගොඩක් දැනුනා කියලත් ඔහු කිව්වා. මොනවා වුනත් අම්මා කෙනෙක් තාත්ත කෙනෙක් වීමේ සතුට වචන වලින් කවදාවත් කියන්න බැරි දෙයක් කියලා.බබා ලැබෙන්න ඉද්දි ගෙවපු ජිවිතේ ගැන ඔහු කියලා තිබුනේ මෙහෙමයි.

දරුවා ලැබෙන්න ඉද්දි මාසෙකට එක වතාවක් හැම මාසෙම අපි දෙන්නම පන්සලට ගිහින් බෝධිපුජා තියනවා. චතුරිකා අම්මා කෙනෙක් වෙන්න යනවා කියලා දැනගත්ත දවසේ ඉඳලා හැමදාම රෑට අපේ ගෙදර පිරිත් දන්නා පුරුදු වුනා. ඒ පුරුද්ද තාමත් එහෙමම තියනවා අපේ ගෙදර බන නිතරම බන පිරිත් දානවා. කු, සේ ඉන්න දරුවෙක්ට පිරිත් කියන්නේ බොහොම බලවත් ආශීර්වාදයක්. ඕනම කෙනෙක් එහෙම කරනවානම් අම්මටත් දරුවටත් පවුලටම ගොඩක් හොඳයි. විද්‍යාත්මකව පවා සොයාගෙන තියෙනවා ඒ සිතිවිලි වල තියන බලය ගැන.

No comments:

Post a Comment

Post Bottom Ad