19 අහෝසි කරන්න අපට ජනවරමක් ලැබුණා... අපිට ජනවරමට පිටුපාන්න බෑ - මහින්දානන්ද - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, September 22, 2020

19 අහෝසි කරන්න අපට ජනවරමක් ලැබුණා... අපිට ජනවරමට පිටුපාන්න බෑ - මහින්දානන්ද

20 වැනි සංශෝධනය සම්මත කර ඒ හරහා 19 වැනි ස‍ංශෝධනය අහෝසි කිරීමට ජනතාව විසින් ආණ්ඩුවට තුනෙන් දෙකක බහුතර ජනවරමක් ලැබී ඇති බව මහින්දානන්ද අළුත්ගමගේ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පැවති පාර්ලිමේන්තු විවාදයට සහභාගි වෙමිනි.

ඒ නිසා ලැබුණු ජනවරමට පිටුපෑමට ආණ්ඩුවට නොහැකි බවත්, ජනවරම අනුව කටයුතු කරන බවත් අලුත්ගමගේ මහතා පවසනවා.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආ‍වේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ශක්තිමත් කිරීමට බවත්, එසේම රාජපක්ෂලා දේශපාලනයෙන් ඈත් කිරීම සඳහා පැවති ආණ්ඩුව 19 වැනි සංශෝධනය හරහා කටයුතු කළ බවත් ඇමතිවරයා පවසනවා.

එසේ ඈත් කර තැබීමට පැවති ආණ්ඩුව උත්සාහ කළද රටේ බහුතර ජනතාව විසින් රාජපක්ෂලා පිළිබඳව තවදුරටත් විශ්වාසය තබා ඇති බවත්, රාජපක්ෂලා රටට එරෙහිව කටයුතු නොකරන බවත් ඔහු පෙන්වා දෙනවා.


No comments:

Post a Comment

Post Bottom Ad