සනත් නිශාන්තගේ සහෝදරයා ලබන 24දා දක්වා රිමාන්ඩ් - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, September 22, 2020

සනත් නිශාන්තගේ සහෝදරයා ලබන 24දා දක්වා රිමාන්ඩ්

නවිළුන්දාව “රැම්සා අභයභූමියට“ අයත් ප්‍රදේශයක් අනවසරයෙන් සහ අනීතික ලෙස එළිකර ඇතැයි සැකපිට අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර සිටි, ආරච්චිකට්ටටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත මහතා සැප්තැම්බර් 24 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ (21) පොලීසිය විසින් අධිකරණයෙන් වරෙන්තුවක් ලබා ගෙන තිබුණි.

ආරච්චිකට්ටටුව ආනවිළුන්දාව “රැම්සා අභයභූමියට“ අයත් ප්‍රදේශයක් ඉස්සන් වගාව සඳහා අනුමැතියකින් තොරව ඩෝසර් කිරීම පිළිබඳව “අද දෙරණ උකුස්සා“ පළමුවරට කරුණු අනාවරණය කිරීමෙන් අනතුරුව බලධාරීන්ගේ අවධානය ඒ වෙත යොමු වුණි.
මේ පිළිබඳව සොයාබැලීම සඳහා වනජීවි සහ වන සංරක්ෂණ අමාතයාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත්කිරීමට විෂය බාර අමාත්‍ය සී බී රත්නායක මහතා විසින් පත්කරණු ලැබීය.

එම කමිටුවේ වාර්තාව සැප්තැම්බර් 8 වන දින විෂයභාර අමාත්‍යවරයා වෙත බාර දී තිබුණි. 


No comments:

Post a Comment

Post Bottom Ad