20 ඇති කරුණු කලින් දැන සිටියා නම් 69 ලක්‍ෂයක් මේ ආණ්ඩුවට ඡන්දෙ දෙන්නෙ නෑ.. 19 සංශොධනයේ වරදක් නෑ - කරු ජයසූරිය - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, September 18, 2020

20 ඇති කරුණු කලින් දැන සිටියා නම් 69 ලක්‍ෂයක් මේ ආණ්ඩුවට ඡන්දෙ දෙන්නෙ නෑ.. 19 සංශොධනයේ වරදක් නෑ - කරු ජයසූරිය

ද ඉදිරිපත් කර තිබෙන 20 සංශෝධන පනත් කෙටුම්පතෙහි ඇති කරුණු ගැන ජනතාව එදා දැනුවත් වී සිටියේ නම් 69 ලක්‍ෂයක ජනතාවක් කිසිවිටෙක තම වටිනා ඡන්දය මේ ආණ්ඩුවට ලබා නොදෙන බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා සඳහන් කරයි.

දැන් කළ යුතුව ඇත්තේ රටේ සියලුම ජන කොටස් විසි වැනි සංශෝධනය ගැන දැනුවත් කිරීම බවද ඔහු පවසයි.

මෙම සංශෝධනයෙන් යෝජනා කර ඇත්තේ මෙරට ජීවත්වන සියළු ජනතාවගේ ප්‍රජා අයිතිය එක් පුද්ගලයකුට භාරදීම බවත් එය කෙතරම් සාධාරණ ද යන්න ජනතාව කිහිප වරක්ම සියලු යුතු බවත් ඔහු පෙන්වා දෙයි.

මෙම සංශෝධනය සම්මත වුවොත් ජනාධිපතිවරයාට මැතිවරණය අවසන් වී වසරකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට හැකි බවත් එසේ කලහොත් පසුගිය මැතිවරණයට රජය වියදම් කළ බිලියන ගණනක මුදල අපතේ යන බවත් ඔහු පැවසීය.

19 සංශෝධනයේ ඇති වරදක් තමා නොදකින බව ද ඔහු කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. 


No comments:

Post a Comment

Post Bottom Ad