හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනගේ මිහින්ලකා නඩුව දෙසැම්බර් මස 8 වනදා කැඳවීමට නියෝග - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, September 17, 2020

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනගේ මිහින්ලකා නඩුව දෙසැම්බර් මස 8 වනදා කැඳවීමට නියෝග


මිහින්ලකා ගුවන් සමාගමට ආම්පන්න මිලදී ගැනීමේදී රජයට රුපියල් මිලියන 880 ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කොට එම සමාගමේ හිටපු ප්‍රධාන විධායක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුවක් දෙසැම්බර් මස 8 වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.


මෙම නඩුව අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.


එහිදී අල්ලස් කොමිසම
විසින් කළ ඉල්ලීමක් පිළිගත් මහේස්ත්‍රාත්වරයා අදාළ නඩුව දෙසැම්බර් මස 8 වනදා කැඳවන ලෙසයි නියම කළේ.


2011 වසරේ මිහින් ලංකා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් කටයුතු කරමින් එම ආයතනයට ආම්පන්න මිලදී ගැනීමේදී රජයට රුපියල් මිලියන 880 ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කොට අල්ලස් කොමිසම විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව මෙම නඩුව ඉකුත් යහපාලන රජය සමයේ ගොනු කර තිබුණා.

No comments:

Post a Comment

Post Bottom Ad