ගැසට් කල 20 ඒ ආකාරයෙන්ම පාර්ලිමේන්තු න්‍යාය පත‍්‍රයට ඇතුළු කෙරේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, September 17, 2020

ගැසට් කල 20 ඒ ආකාරයෙන්ම පාර්ලිමේන්තු න්‍යාය පත‍්‍රයට ඇතුළු කෙරේ !

දැනට ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත එළැඹෙන 22 දා පාර්ලිමේන්තු න්‍යාය පත‍්‍රයට ඇතුළත් කිරීමට තීරණය කර තිබේ.

ඊට අදාල කටයුතු මේ වන විට සිදුවෙමින් ඇතැයි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල මහතා ද තහවුරු කළේය.

කෙටුම්පතට විරුද්දව අධිකරණයට යන්නේ නම් ඒ සඳහා දින 7ක කාලයක් හිමිවන බවද ඔහු සඳහන් කළේය.

අධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළ හොත් අධිකරණ ක්‍රියාවලියටද තවත් සති තුනක කාලයක් හිමිවෙයි.

ඉන් අනතුරුව දෙවන වර කියවීමේ විවාදය සඳහා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ හැකි බවත් ඒ මහතා කීය.

කෙටුම්පතට සංශෝධන කිසිවක් ඇත්තේ නම් ඒවා කාරක සභා අවස්ථාවේදී ඇතුලත් කල හැකි බවද ඔහු පැවසීය. 

No comments:

Post a Comment

Post Bottom Ad