20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් ජාතික ප්‍රසම්පාදන කොමිසම සහ ජාතික විගණන සේවා කොමිසම අහෝසි කිරීම බරපතළ ගැටළු මතු කරන්නක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පවසයි.
"මේ ජාතික ප්‍රසම්පාදන කොමිසමත් ඒවගේම ජාතික විගණන සේවා කොමිසමත් අයින් කරලා තියෙනවා. අනිත් කොමිෂන් සභාවල් තියෙනවා, ඒවාවල පත්වීම් ස්වාධීනව වෙන්නෙ නෑ, ජනාධිපතිතුමා තමයි 20න් හැම පත්වීමක්ම මේ රටේ කරන්නෙ.
හැම එකක්ම කරන්නෙ ජනාධිපතිතුමා. බඩුව ගන්නෙත් විධායකය, හොරකම් කරන්නෙත් විධායකය, හොරා හොයාගෙන යන්නෙත් විධායකය ! ඔන්න ඕක තමයි 20න් වෙන්නේ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
No comments:
Post a Comment