ගංජා නීතිගත කළ යුතු බවට ඇතැම් පුද්ගලයන් හා සංවිධාන ගෙනයන මතවාදී අරගලය පිටුපස සිටින්නේ ජාත්‍යන්තර කුමන්ත්‍රණකරුවන් පිරිසක් බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්වරයා අවධාරණය කරනවා. ශ්‍රී ලංකා අමද්‍යප සංවිධානය විසින් ඊයේ (22) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් කාදිනල්වරයා මේ බව සඳහන් කළේය.
ආණ්ඩුව විසින් දීපව්‍යාප්ත මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ ව්‍යාපාරයක් දියත් කර තිබෙන අවස්ථාවක කිසිසේත්ම ගංජා නීතිගත කිරීම සිදු නොවිය යුත්තක් බවත්, එසේ නීතිගත කරන්නේ නම් ඊට දැඩි විරෝධය පළකරන බවත් කාදිනල්වරයා පවසනවා.
No comments:
Post a Comment