හෙට සිට මංතීරු නීතිය දැඩිවෙයි ද ? - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, September 20, 2020

හෙට සිට මංතීරු නීතිය දැඩිවෙයි ද ?

හෙට සිට ක්‍රියාත්මක වන පරිදි, මංතීරු නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව රථවාහන පොලීසිය සඳහන් කර සිටිනවා. මාර්ග හතරක මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීම පෙරහුරුවක් ලෙස පසුගිය 14 වැනිදා සිට ආරම්භ වුණා. මංතීරු නීතිය කඩකරන රියදුරන් හඳුනාගෙන ඔවුන් දැනුවත් කිරීමට කටයුතු කරන බව රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ මහතා සඳහන් කරනවා.

බස් ප්‍රමුඛතා මංතීරුවේ ත්‍රීරෝද රථ සහ යතුරුපැදි සඳහා වැඩි ඉඩක් ලබා දීමට පියවර ගන්නා බව ද ඔහු සඳහන් කරනවා.

මේ අනුව මංතීරු හතරක් ඇති මාර්ගයන් හි වම්පස තිබෙන පළමු හා දෙවන මංතීරු බස්රථ, යතුරුපැදි හා ත්‍රීරෝද රථ සඳහා වෙන් කර ඇති අතර මංතීරු තුනක් ඇති මාර්ගවල වම්පස පළමු මංතීරුවේ බස් රථවලට ගමන් ගත හැකි අතර, දෙවන මංතීරුවෙන් ඉස්සර කර ඉදිරියට යා හැකි බව ද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කරනවා.

එමගින් තදබදය අවම වනු ඇතයි බලාපොරොත්තු වනවා.

ශ්‍රී ජයවර්ධනපුර මාවත, බේස්ලයින්, හයිලෙවල් හා ගාලු පාර යන මාර්ග හතර ඉලක්ක කර මංතීරු නීතියේ පෙරහුරු ක්‍රියාත්මක වුවා. එහිදී ගුවන් හමුදාවේ සහාය ද ඇතිව ඩ්‍රෝන කැමරා සහ සීසීටීවී දර්ශන මඟින් රථවාහන ගමනාගමනය නිරීක්ෂණය සිදුකළා.


No comments:

Post a Comment

Post Bottom Ad