පිරිපහදු නොකළ විෂ සහිත ෆාම් තෙල් බදු සහන යටතේ තොග පිටින් රට තුලට – මහජන සෞඛ්‍ය අනතුරේ – පොල් ඇමති , සෞඛ්‍ය ඇමති මර නින්දේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, September 5, 2020

පිරිපහදු නොකළ විෂ සහිත ෆාම් තෙල් බදු සහන යටතේ තොග පිටින් රට තුලට – මහජන සෞඛ්‍ය අනතුරේ – පොල් ඇමති , සෞඛ්‍ය ඇමති මර නින්දේ !

ර්ථික ඝාතක නිලධාරීන් පිරිසක් විසින් ආණ්ඩුව නොමග යවා ෆාම් තෙල් සහ පොල් තෙල් ආනයන කරුවන්ගේ කූඨ උපක්‍රම වලට අනුව මහා පරිමාණ බදු සහන ලබා දීම නිසා රට තුලට විහාල වශයෙන් පිරිපහදු නොකළ විෂ සහිත ෆාම් තෙල් සහ ෆාම් තෙල් මිශ්‍ර පොල් තෙල් ආනයනය කරමින් තිබෙන බව වරාය ආරංචිමාර්ග තහවුරු කරයි.

පොල් තෙල් වලට ලබා දී ඇති බදු සහනය කි.ග්‍රෑ. 1 කට රු 170ක් වන අතර ෆාම් තෙල් වලට ලබා දී ඇති සහනය කි.ග්‍රෑ. 1 කට ර 100කි. මේ වන විට ආනයනය කොට තෙල් ප්‍රමාණය ෆාම් තෙල් කි.ග්‍රෑ මිලියන 20ක් සහ පොල් තෙල් කි.ග්‍රෑ මිලියන 15ක් බව වාර්තාවේ.

ඒ අනුව රටට අහිමි වූ සහ ජාවාරම්කරුවන්විසින් කොල්ල කන ලද මුදල රු මිලියන 5000ක් පමණ වේ. මේ ආකාරයට ආනයනය කරන විෂ සහිත නිදහස් මේද අම්ල අඩංගු පිරිපහදු නොකළ ෆාම්තෙල් පිලිකා කාරකයක් බව ඔප්පු වී ඇතත් සෞඛ්‍ය අංශ හෝ වෛද්‍ය සංගම් විසින් කිසිදු පියවරක් නොගැනීම ගැන පොල් කර්මාන්තකරුවෝ විමතිය පළ කරති.

ඔවුන් සඳහන් කරන ආකාරයට පොල් සංවර්ධන අධිකාරියද මේ පිළිබඳව කිසිදු පියවරක් නොගන්නා බැවින් කර්මාන්තයද කඩා වැටේ. 

-lankaleadnews


No comments:

Post a Comment

Post Bottom Ad