එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් දෙදෙනකු වන උප නායක රවී කරුණානායක හා භාණ්ඩාගාරික දයා ගමගේ එළැඹෙන පළාත් සභා මැතිවරණය සඳහා සමගි ජන බලවේගය සමග සන්ධානගතව ඉදිරිපත් වීමට සූදානම් වන බව දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙයි.
ඒ සඳහා සමගි ජන බලවේගය කැමැත්ත විමසා ඇති අතර ඊට යහපත් ප්‍රතිචාර ලැබී ඇති බවද වාර්තා වේ.
මේ වන විට මේ දෙදෙනා පක්ෂයේ තනතුරු ලබා ගැනීමට වඩා සිය දේශපාලන අනාගතය සුරක්ෂිත කර ගැනීම සඳහා කටයුතු කිරීමට තීරණය කොට තිබේ.
එළැඹෙන පළාත් සභා මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළොත් මහ මැතිවරණයට වඩා අන්ත පරාජයකට මුහුණ දීමට සිදුවන බව ද මේ දෙනාගේ මතය වී තිබේ.
කෙසේ වෙතත් සමගි ජන බලවේගයේ දුෂණයට විරුද්ධ මතයක සිටිමින් කටයුතු කරන බහුතරය පවසා සිටින්නේ දයා ගමගේ මහතාගේ එක්වීම ප්‍රශ්නයක් නොවුනද බැඳුම්කර චෝදනා ලද රවී කරුණානායක සමගි ජන බලවේගය සමග එකතු උවහොත් තව දුරටත් සමගි ජන බලවේගය සමග රෙදි ඇඳගෙන දේශපාලනය කිරීමට හැකියාවක් නැතිවන බවත්ය.
No comments:
Post a Comment