වේදිනිගම හිමි පක්ෂයෙන් පන්නයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, September 21, 2020

වේදිනිගම හිමි පක්ෂයෙන් පන්නයි

පේ ජන බල පක්ෂයේ මහලේකම්වරයා යැයි කියන වේදිනිගම විමලතිස්ස හිමි පක්ෂයෙන් නෙරපා හැරීමට එම පක්ෂ සම්මේලනයේදී යෝජනාවක් සම්මත කොටගෙන ඇත.

ඒ සම්බන්ධයෙන් එහි මාධ්‍ය ලේකම්වරයකු ඊයේ (20) දින නිකුත් කළ නිවේදනය මෙසේය.

අපේ ජන බල පක්ෂයේ මහා සම්මේලනය අංක 615, නාවල පාර, රාජගිරිය, ශ්‍රී සද්ධර්මරාජික විහාරයේදී අද (20) දින පැවැත්විණි.

එහිදී අපේ ජන බල පක්ෂයේ හිටපු ලේකම් වේදිනිගම විමලතිස්ස හිමි විසින් පක්ෂයට ලැබුණු මන්ත්‍රීධූරය සඳහා වංචනිකව ඒ හිමියන්ගේ නම මැතිවරණ කොමිෂන් සභාවට යෝජනා කිරීමට කටයුතු කිරීම හේතුකොටගෙන ඒ හිමියන්ට විරුද්ධව විනය පරීක්ෂණයක් පවත්වා පක්ෂයෙන් ඉවත්කළ යුතු බවට වන යෝජනාවක් ඒකමතිකව සම්මත විය.

අපේ ජන බල පක්ෂයට හිමිවී තිබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිමි විය යුතු බවත් ඒ සඳහා පක්ෂ සභාපති සමන් පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමෙන් පසු ඉල්ලා අස් වී පුරප්පාඩුව සඳහා ඥානසාර හිමියන්ව නම් කිරීම කළ යුතු බවටත් වන යෝජනාවක් ද මෙම සම්මේලනයේදී සම්මත විය.

එරන්ද කේ නවරත්න
මාධ්‍ය ලේකම් – අපේ ජන බල පක්ෂය 


No comments:

Post a Comment

Post Bottom Ad