හන්තාන සුද්ද කලාට නඩු දාන එකේ තේරුමක් නෑ නේද? - කිරිඇල්ල අගමැති හමුවී අසයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, September 21, 2020

හන්තාන සුද්ද කලාට නඩු දාන එකේ තේරුමක් නෑ නේද? - කිරිඇල්ල අගමැති හමුවී අසයි

මෑතකදී ආන්දෝලනයකට ලක්වූ හන්තාන ප‍්‍රදේශයේ හෙළි පෙහෙළි කරන ද ඉඩම තම සින්නක්කර ඉඩමක් බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවේ සඳහන් කර ඇත.

ඊට අදාළ ලිපි ලේඛන පවා ඔහු අග්‍රාමාත්‍යවරයාට පෙන්වා ඇතැයිද වාර්තා වෙයි.

එනිසා මේ සම්බන්ධයෙන් සිදුකරන නීතිමය කටයුතු පදනමක් නැති නිසා එහි තේරුමක් නැතැයිද අගමැතිවරයාගෙන් විමසා තිබේ.

කෙසේ නමුත් මේ වන විට ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ දියණියට විරුද්දව නඩු පැවරීමට දැනටමත් අදාලි ආයතන විසින් කටයුතු කර තිබේ.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරන්නේ හන්තානේ තම ඉඩම ආසන්නයේම පිහිටි අනෙක් ඉඩමේ විශාල ගොඩනැගිලි පවා ඉදිකර ඇති බවත් තමන් පරිසරයට ආදරය කරන පුද්ගලයකු ලෙස ඒ කිසිවක් සිදු කර නැති බවත්ය. 


No comments:

Post a Comment

Post Bottom Ad