ඩිලාන් රිලවුන් පෙන්වා ඇමතිකමක් ඉල්ලයි.. දැවෙන ප‍්‍රශ්ණයක්ලු - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, September 20, 2020

ඩිලාන් රිලවුන් පෙන්වා ඇමතිකමක් ඉල්ලයි.. දැවෙන ප‍්‍රශ්ණයක්ලු - (video)

ට තුළ පවතින රිලා සහ වදුරු ප්‍රශ්නයට විසඳුමක් ලබාදීම අත්‍යවශ්‍ය කරුණක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරයි.

එය විසඳීමට රිලා ඇමතිකම හෝ ලබාදෙන්නේ නම් තමන් එය භාර ගන්නා බව ද ඔහු කියා සිටියේය.

අද වන විට රිලවුන් සහ වදුරුන්ගෙන් බදුල්ල දිස්ත්‍රික්ය මෙන්ම රටේ විවිධ ප්‍රදේශවලට විශාල වගා හානියක් සිදුවන බවත් එය අස්වැන්නෙන් 60% පමණ වන බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

දැන් ග්‍රාමීය ප්‍රදේශවල සිට කොළඹ දිස්ත්‍රික්ක ද රිලවුන් පැමිණ ඇති බවත් ඉදිරියේදී පාර්ලිමේන්තු සංකීර්ණයටද ඇතුළු නැති බවත් ඔහු පැවසීය.

අද අලි මිනිස් ගැටුම විසදන්නට ඇමතිවරයෙක් පත්කර ඇති බවත් මැටි කර්මාන්ත, බතික් කර්මාන්ත ඇමතිවරුන් පත් කර ඇති ආකාරයෙන් රිලා ඇමතිකමත් ඇති කර එය බාර දුනහොත් තමන් එය භාර ගන්නා බව ඔහු සඳහන් කළේය.

බදුල්ලේදී මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී. 


No comments:

Post a Comment

Post Bottom Ad