"තත්වය ඉතාම නරකයි,ලංකාවට ඉතා දරුණු සීමාවන් යලි පනවන්න වෙයි."- වසංගත රෝග අංශ ප‍්‍රධානී - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, September 20, 2020

"තත්වය ඉතාම නරකයි,ලංකාවට ඉතා දරුණු සීමාවන් යලි පනවන්න වෙයි."- වසංගත රෝග අංශ ප‍්‍රධානී

මෙරට තුළ කොරෝනා වෛරසයක් නොතිබූ ආකාරයට ජනතාව කටයුතු කිරීම ඉතා අවාසනාවන්ත තත්ත්වයක් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. මේ වන විටත් හෝටල් ගණනාවක පුද්ගලයන් නිරෝධායනට ලක් වෙමින් ඇති බවත් එම හෝටල්වලට සේවකයන්ට ලබාදී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවත් ඔහු පැවසීය. 

 වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා පෙන්වා දෙන්නේ ජනතාව කොරෝනා මාර්ගෝපදේශ අනුව කටයුතු නොකළහොත් ඉතා නුදුරේදීම ශ්‍රී ලංකාවට ඉතා දරුණු අන්දමේ සීමා පැනවීමට සිදුවුණු ඇති බවයි. 

 එවන් පීඩනයට ලක් නොවී සිටීමට ජනතාව අත්‍යවශ්‍යයෙන්ම සෞඛ්‍ය මාර්ගඋපදේශ පිළිපැදිය යුතු ම බවද ඔහු කියා සිටියේය. ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේදී තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු වාර්තා වී තිබේ. ඔවුන් දෙදෙනාම විදේශයන්හි සිට පැමිණ මෙරටදී නිරෝධායනයට යොමුකර සිටි අයයි. ඔවුන්ද සමගම මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 3283 දක්වා ඉහල යයි.

 සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයෙන් මෙන්ම තොරතුරු තහවුරු කරයි. 
-lankacnews

No comments:

Post a Comment

Post Bottom Ad