වහාම ක්‍රියාත්මක වන පරිදි ගම්පහ දිස්ත්‍රික්කයටම අද රාත්‍රී 10 සිට පොලිස් ඇඳිරි නීතිය - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, October 21, 2020

වහාම ක්‍රියාත්මක වන පරිදි ගම්පහ දිස්ත්‍රික්කයටම අද රාත්‍රී 10 සිට පොලිස් ඇඳිරි නීතිය



ගම්පහ දිස්ත්‍රික්කයට අද රාත්‍රී 10 සිට පොලිස් ඇඳිරි නීතිය පනවනු ලබන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.


ඒ අනුව සඳුදා උදෑසන 5 දක්වා එය ක්‍රියාත්මක බවයි යුද හමුදාපතිවරයා කියා සිටියේ.


මේ අතර, මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැල් හිමිකරුවෙකුට කෙරෝනා ආසාදනය වීම හේතුවෙන් අදාළ වෙළඳසැල සහ ඊට යාබද තවත් වෙළඳසැලක් වසා දමා තිබෙනවා.


මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකරු ලසන්ත සංජීව කියා සිටියේ අදාළ පුද්ගලයාගේ ආශ්‍රිතයන් මේ වන විට නිරෝධායනයට ලක් කර ඇති බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad