15 වන කොරෝනා මරණය වාර්තා වෙයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, October 23, 2020

15 වන කොරෝනා මරණය වාර්තා වෙයි !

මෙරටින් 15 වන කොවිඩ් ආසාදිත මරණය අද (24) වාර්තා විය.

කුලියාපිටිය, උණලීය ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙකු කුලියාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද අලුයම ජීවිතක්ෂයට පත්ව තිබේ.

එම පුද්ගලයා හෘදයාබාධ රෝගී තත්ත්වයකින් පසුවූ අයෙකු බවත්, ඊට ප්‍රතිකාර සඳහා පසුගිය 14 වනදා රෝහලට ඇතුළත් කළ බවත්, කුලියාපිටිය රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රභාත් වේරවත්ත මහතා සඳහන් කළේය.

පසුව 16 වන දින ඔහුගේ රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති අතර අද අලුයම ඔහු ජීවිතක්ෂයට පත්ව තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad