'කොළඹින් ආසාදිතයන් 160ක්, සමාජයේ පැතිරිමේ දැඩි අවධානමක්.' - සෞඛ්‍ය මාධ්‍ය ප‍්‍රකාශක - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, October 13, 2020

'කොළඹින් ආසාදිතයන් 160ක්, සමාජයේ පැතිරිමේ දැඩි අවධානමක්.' - සෞඛ්‍ය මාධ්‍ය ප‍්‍රකාශක

මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්තශාලාව ආශ්‍රිතව ඇති වී තිබුණ කොරෝනා පොකුරට සම්බන්ධ ආසාදිතයන් ඇතුළු කොරෝනා ආසාදිතයන් එකසිය හැට දෙනකු කොළඹ දිස්ත්‍රික් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කළේය.

ඔවුන්ගේ ආශ්‍රිතයන් සහ ගැවසුන ස්ථාන මේ වන විට හඳුනාගෙන ඇති බවද ඔහු පැවසීය.

මෙම වෛරස් පොකුර ව්‍යාප්තිය පාලනය කරගත හැකි මට්ටමක ඇති නමුත් කොළඹ දිස්ත්‍රික්කය තුළ අධික ජනගහනය, කුඩා ඉඩක විශාල පිරිසක් රැඳීම, නාගරික පරිසරය යන කරුණු නිසා අවදානමක් තිබෙන බවද ඔහු අවධාරණය කරයි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් තව දුරටත් හමු වුවහොත් තවදුරටත් පැතිරීමේ අවදානම වැඩි බවද ඔහු සඳහන් කළේය.

කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ආසාදිතයන් ගණන තව දුරටත් ඉහල ගියොත් ඉදිරියේදී දුෂ්කර තත්වයක් මතුවිය හැකි බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

උපුටාගැනිම - Lankacnews.

No comments:

Post a Comment

Post Bottom Ad